ඔහු ඒ ලියුම ඉශ්‍රායෙල් රජ වෙතට ගෙනාවේය. මේ ලියුම ඔබට ලැබුණාම නාමන් නම් මාගේ සේවකයාගේ කුෂ්ඨය සුවකරන පිණිස ඔහු ඔබ ළඟට එවීමියි එහි ලියා තිබුණේය.
එහි ලියා තිබුණේ: නුඹලාගේ ස්වාමියාගේ පුත්‍රයන් නුඹලා ළඟ සිටින නිසාත් රථ සහ අශ්වයන්ද පවුරු ඇති නුවරක්ද යුද්ධායුධද තිබෙන නිසාත් මේ ලියුම් නුඹලාට ලැබුණු වහාම,
සිරියේ රජද: ඉතින් නුඹ එහි යන්න, මම ඉශ්‍රායෙල් රජුට ලියුමක් හරින්නෙමියි කීවේය. ඔහු රිදී තලෙන්ත දසයකුත් රන් ෂෙකෙල් හදාහකුත් ඇඳුම් කුට්ටම් දසයකුත් රැගෙන පිටත්ව ගියේය.
ඉශ්‍රායෙල් රජ ලියුම කියවා තමාගේ ඇඳුම් ඉරාගෙන: මනුෂ්‍යයෙකුගේ කුෂ්ඨය සුවකරන්ට කියා මොහු මට ලියා එවන්නේ මරන්ටත් ජීවත්කරන්ටත් මම දෙවියන්වහන්සේද? මොහු මට විරුද්ධව ඩබරයකට කාරණයක් සොයන හැටි කල්පනාකර බලන්නැයි කීවේය.