මෙසේ ගෙහාසී නාමන් පස්සේ ගියේය. නාමන් තමා පස්සේ කෙනෙක් දුවගන එනවා දැක ඔහු සම්බවෙන්ට රථයෙන් බැස: සියල්ල හොඳදැයි ඇසීය.
දැන්ම ඇගේ පෙරමගට දිවගොස්: නුඹ සුවසේද? නුඹේ පුරුෂයා සුවසේද? ළමයා සුවසේද කියා ඇගෙන් අසන්නැයි කීවේය. සුවසේයයි ඈ උත්තරදුන්නාය.
එකල දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයා වන එලිෂාගේ වැඩකාරයාවූ ගෙහාසී කල්පනාකොට: බලව, මාගේ ස්වාමියා මේ සිරියවූ නාමන් ගෙනා දේවල් ඔහුගේ අතින් පිළිනොගෙන නිකම් ඇරියේය. ස්වාමීන්වහන්සේ ජීවමාන බව සැබෑවා සේම, මම ඔහු පස්සේ දිවගොස් ඔහුගෙන් මොකවත් ලබාගනිමියි කීවේය.
ඔහුද: සියල්ල හොඳය; මාගේ ස්වාමියා–ශිෂ්‍ය ප්‍රොපේතවරුන්ගෙන් තරුණයෝ දෙදෙනෙක් එප්‍රායිම් කඳු රටේ සිට මේ දැන් මා වෙතට ආවෝය; ඔවුන්ට රිදී තලෙන්තයකුත් ඇඳුම් කුට්ටම් දෙකකුත් දුනමැනවැයි කියන්ට මා එවුවේයයි කීවේය.
යමෙක් මගපෙන්නුවොත් මිස නැත්නම් මට තේරුම්ගන්ට පුළුවන් කොහොමදැයි කියා, රථයට නැගී තමා සමඟ ඉඳගන්ට ඔහු පිලිප්ගෙන් උදක්ම ඉල්ලුවේය.