ඔහුද: සමාදානයෙන් පලයන්නැයි ඔහුට කීවේය. එවිට ඔහු එලිෂා වෙතින් පිටත්ව ටිකක් දුර ගියේය.
ඔව්හු බෙතෙල් සිට ගමන්කළෝය; එප්‍රාත්ට පැමිණෙන්ට මඳක් දුර තිබියදී රාඛෙල් ප්‍රසව වේදනාවට පත්ව මහත් අමාරු වින්දාය.
මෝසෙස් තමාගේ මාමා වූ යෙත්‍රෝ වෙතට හැරීගොස්: මිසරයෙහි සිටින මාගේ සහෝදරයෝ තවම ජීවත්ව සිටින්නෝදැයි බලන පිණිස ඔවුන් වෙතට හැරීයන්ට මට අවසර දුනමැනවියි කීයේය. සමාදානයෙන් යන්නැයි යෙත්‍රෝ මෝසෙස්ට කීවේය.
උන්වහන්සේද: දියණියනි, නුඹේ ඇදහිල්ල නුඹ සුවකළේය; සමාදානයෙන් ගොස්, නුඹේ පීඩාවෙන් සුවපත්ව සිටින්නැයි ඈට කීසේක.
නුමුත් උන්වහන්සේ: නුඹේ ඇදහිල්ල නුඹ ගැළෙවුවේය, සමාදානයෙන් යන්නැයි ඒ ස්ත්‍රීට කීසේක.
උන්වහන්සේද: දියණියනි, නුඹේ ඇදහිල්ල නුඹ සුවකෙළේය; සමාදානයෙන් යන්නැයි ඈට කීසේක.
නුඹලාට කියන්ට තව බොහෝ දේවල් මට ඇත්තේය, නුමුත් දැන් ඒවා දරන්ට නුඹලාට බැරිය.
මම නුඹලා දැඩි කෑමෙන් නොව කිරෙන් පෝෂණයකෙළෙමි; එසේ කළේ නුඹලා ඒවා දරන්ට බැරිව සිටි නිසාය. එසේය, දැනුත් බැරිය;
එවිට ඒලී උත්තරදෙමින්: සමාදානයෙන් යන්න; ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේගෙන් නුඹ කළ ඉල්ලීම උන්වහන්සේ නුඹට ඉෂ්ටකරදෙනසේක්වයි කීවේය.
මෙසේ දාවිත් ඈ තමාට ගෙනා දේවල් ඇගේ අතින් පිළිගෙන: නුඹේ ගෙදරට සමාදානයෙන් යන්න; මම නුඹේ හඬට ඇහුම්කන්දී නුඹ පිළිගතිමියි කීවේය.