භාජන පිරුණු කල ඈ: තවත් භාජනයක් මට ගෙනෙන්නැයි ඇගේ පුත්‍රයාට කීවාය. තවත් භාජනයක් නැතැයි ඔහු ඈට කීවේය. තෙල් නැවතුණේය.
මක්නිසාද ස්වාමීන්වහන්සේ භූමිය පිටට වැස්ස එවන දවස දක්වා පිටි මුට්ටිය ඉවරවෙන්නේවත් තෙල් කුලාව අඩුවෙන්නේවත් නැතැයි ඉශ්‍රායෙල් දෙවිවූ ස්වාමීන්වහන්සේ කියන සේකැයි කීවේය.
එවිට දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයා ඔහු කෙරෙහි උදහස්වී: නුඹ පස්වරක් හෝ හයවරක් ගසන්ට යුතුව තිබුණේය; එසේ කෙළේවී නම් නුඹ සිරියවරුන් විනාශවන තුරු ඔවුන්ට පහරදෙනවා ඇත. නුමුත් දැන් නුඹ තුන්වරක් පමණක් සිරියවරුන්ට පහරදෙන්නෙහියයි කීවේය.
ඈ ඔහු ළඟින් ගොස්, ඈත් ඇගේ පුත්‍රයොත් ඇතුල්වී දොර පියාගත්තෝය; ඔව්හු ඈ ළඟට භාජන ගෙනාවෝය, ඈ තෙල් වත්කළාය.
ඔවුන්ගේ ඇදහිලි නැතිකම නිසා උන්වහන්සේ එහිදී බොහෝ ආශ්චර්යයන් නොකළසේක.
සියල්ලෝම කා තෘප්තියට පැමිණියෝය. ඔව්හු කැඩූ කැබෙලිවලින් ඉතිරි ඒවා එක්කොට පැස් දොළොසක් පුරවාගත්තෝය.
සියල්ලෝම කා තෘප්තියට පැමුණුණෝය. ඉතිරිවූ කැබෙලි එක්කොට කූඩා සතක් පුරවා ගත්තෝය.
එසේය, ස්වාමිනියි ඔව්හු කීවෝය. එවිට උන්වහන්සේ ඔවුන්ගේ ඇස් අතගා: නුඹලාගේ විශ්වාසයේ ප්‍රකාරයට නුඹලාට වේවයි කීසේක.
උන්වහන්සේගෙන් ආනුභාවය නික්මවිත් ඔවුන් සියල්ලන් සුවකළ බැවින්, මුළු සමූහයා උන්වහන්සේට අතගසන්ට උත්සාහකළෝය.
ඔවුන් තෘප්තියට පැමිණි කල: කිසිවක් නැති නොවන පිණිස ඉතිරිවූ කැබෙලි එකතුකරන්නැයි උන්වහන්සේ තමන් ගෝලයන්ට කීසේක.
දේශයේ ධාන්‍යයෙන් ඔවුන් කෑවාට පසුවදා මන්නා නැවතුණේය; ඉශ්‍රායෙල් පුත්‍රයන්ට තවත් මන්නා නොලැබුණේය; එහෙත් ඔව්හු කානාන් දේශයේ භෝග ඵල ඒ අවුරුද්දේ කෑවෝය.