තවද ඈ තමාගේ පුරුෂයාට අඬගසා: දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයා ළඟට හණික ගොස් එන පිණිස වැඩකාරයෙකුත් කොටළු දෙනෙකුත් මට එවන්ටයයි කීවාය.
එවිට ඈ නැගී ගොස් දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයාගේ ඇඳේ ඔහු බාවා දොර පියා පිටතට ගියාය.
ඔහුද: නුඹ අද ඔහු ළඟට යන්නේ මොකටද? අමාවකවත් සබත් දිනයවත් නොවේයයි කීවේය. ඈ ඒකට කමක් නැත කියා,
කොටළුදෙන සූදානම්කර ඇගේ වැඩකාරයාට කථාකොට: දක්කාගෙන යන්න; මා නුඹට නොකියා, මා නිසා නුඹේ දැක්කීම බාල නොකරන්නැයි කීවාය.
දැන්ම ඇගේ පෙරමගට දිවගොස්: නුඹ සුවසේද? නුඹේ පුරුෂයා සුවසේද? ළමයා සුවසේද කියා ඇගෙන් අසන්නැයි කීවේය. සුවසේයයි ඈ උත්තරදුන්නාය.
එබැවින් ඔහුගේ සහෝදරියෝ: ස්වාමිනි, ඔබවහන්සේ ආදරේව සිටින තැනැත්තා රෝගීව සිටීයයි උන්වහන්සේට කියා යැවුවෝය.
ලිද්දාව යොප්පාවට සමීප බැවින්, පේතෘස් එහි සිටින බව ගෝලයෝ අසා: ප්‍රමාද නොවී අප වෙතට අව මැනවයි ඉල්ලමින් මනුෂ්‍යයන් දෙදෙනෙකු ඔහු වෙතට යැවුවෝය.