එලිෂා කථාකොට: මම නුඹට කුමක්කරම්ද? ගෙයි නුඹට තිබෙන්නේ මොනවාදැයි මට කියන්නැයි ඈට කීවේය. තෙල් කුළාවක් මිස ගෙයි වෙන කිසිවක් ඔබගේ දාසියට නැතැයි ඈ කීවාය.
එවිට ඈ කථාකොට: නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ජීවමාන බව සැබෑවා සේම මුට්ටියක පිටි මිටකුත් කුලාවක තෙල් ටිකකුත් මිස මා ළඟ රොටියක් නැත. ඒවා මා සහ මාගේ පුත්‍රයා විසින් කාලා නහින පිණිස ඒවා සාදා ගන්ට දර කෑලි දෙකක් අවුලමියි කීවාය.
තවද ඔවුන් එගොඩවූ කල එලියා කථාකොට: නුඹ වෙතින් මා ගන්ට පළමුවෙන් නුඹට මගෙන් ඕනෑ දෙයක් ඉල්ලන්නැයි එලිෂාට කීය. එලිෂාද: ඔබට තිබෙන ආත්මයෙන් දෙගුණයක් මා කෙරෙහි පැමිණේවයි කීවේය.
එවිට ඔහු: නුඹ පිටත ගොස් නුඹේ සියලු අසල්වාසීන්ගෙන් භාජන එනම් හිස් භාජන බොහොමයක් ඉල්ලා ගන්න.
එවිට ස්වාමීන්වහන්සේ: නුඹේ අතේ තිබෙන්නේ මොකක්දැයි ඔහුගෙන් ඇසූසේක. සැරයටියක්යයි ඔහු කීවේය.
යේසුස්වහන්සේ කථාකොට: නුඹලා ළඟ රොටි කීයක් තිබේදැයි ඇසූසේක. රොටි සතකුත් කුඩා මසුන් ස්වල්පයකුත්යයි ඔව්හු කීවෝය.
පේතෘස්ද: රන් රිදී මට නැත; නුමුත් මට ඇති දේ නුඹට දෙමි. නාසරිය යේසුස්වහන්සේගේ නාමයෙන්, ඇවිදින්නැයි කියා,
ශෝකවෙන්නන් මෙන් පෙනෙන නුමුත් නිතර ප්‍රීතිවෙන්නන් මෙන්ද, දිළින්දන් මෙන් පෙනෙන නුමුත් බොහෝ දෙනෙක් ධනවන්ත කරන්නන් මෙන්ද, කිසිවක් නැත්තන්මෙන් පෙනෙන නුමුත් සියල්ල ඇත්තවුන් මෙන්ද යන මේ සියල්ලෙන් අපි දෙවියන්වහන්සේගේ සේවකයන් මෙන් අපම පිළිගන්වමුව.
මාගේ ප්‍රේමවන්ත සහෝදරයෙනි, අසන්න; ඇදහිල්ලෙහි ධනවත්වන පිණිසත්, තමන්වහන්සේට ප්‍රේමකරන්නවුන්ට පොරොන්දුවූ රාජ්‍යයේ උරුමක්කාරයන් වන පිණිසත්, දෙවියන්වහන්සේ ලෝකයේ දිළින්දන් තෝරා නොගත්සේක්ද? නුමුත් නුඹලා දිළින්දාට අගෞරවකළහුය.