එසේවීනම් ඈ උදෙසා කරන්ට තිබෙන්නේ කිමෙක්දැයි ඔහු ඇසුවේය. ගෙහාසී: ඈට පුත්‍රයෙක් නැත; ඇගේ පුරුෂයාත් මහලුයයි කීවේය.
එවිට ආබ්‍රහම් මුහුණින් වැටී සිනාසී: සියක් අවුරුදු වයස්වූ තැනැත්තෙකුට දරුවෙක් උපදින්නේද? අනූ අවුරුදු වයස්වූ සාරා බිහිකරන්නීදැයි සිත තුළ කියාගත්තේය.
ඊසාක් තමාගේ භාර්යාව වඳ බැවින් ඈ උදෙසා ස්වාමීන්වහන්සේට කන්නලව් කෙළේය. ස්වාමීන්වහන්සේ ඔහුගේ කන්නලව්ව පිළිගත්සේක, ඔහුගේ භාර්යාවවූ රෙබෙකා ගර්භිණී වූවාය. දරුවෝද ඇගේ කුසෙහි එකට දැඟලුවෝය.
තමා යාකොබ්ට දරුවන් බිහිනොකළ බව රාඛෙල් දුටු කල ඇගේ සහෝදරීට ඊර්ෂ්‍යාකොට: මට දරුවන් දෙන්න, නැතහොත් මම නසිමියි යාකොබ්ට කීවාය.
එලිෂාද කථාකොට: මේ සියලු සැලකිලිවලින් නුඹ අප ගැන සැලකුවෙහිය; නුඹ උදෙසා කුමක් කටයුතුද? රජුට හෝ සේනාපතියාට හෝ නුඹ වෙනුවට කථාකරනවාට කැමතිද කියා ඇගෙන් අසන්නැයි ගෙහාසීට කීවේය. ඈද: මාගේම සෙනඟ අතරේ වාසයකරමියි උත්තරදුන්නාය.
ඈට අඬගසන්නැයි ඔහු කීය. ඔහු ඈට අඬගැසූ කල ඈ දොරකඩ ළඟට ආවාය.
එලිසබෙත් වඳ බැවින් ඔවුන්ට දරුවෙක් නොවීය, ඔවුන් දෙදෙනාම වයස්ගතව සිටියෝය.
දාන්ගේ වංශයට අයිතිවූ ශොරාහි එක්තරා මනුෂ්‍යයෙක් විය, ඔහුගේ නම මානෝවාය; ඔහුගේ භාර්යාව වඳව දරුවන් නොලැබ සිටියාය.
ඔහුට භාර්යාවන් දෙදෙනෙක් වූවෝය; එක් තැනැත්තියකගේ නම හන්නාය, අනික් තැනැත්තියගේ නම පෙනින්නාය. පෙනින්නාට දරුවෝ සිටියෝය, නුමුත් හන්නාට දරුවෝ නොසිටියෝය.
එවිට ඇගේ පුරුෂයාවූ එල්කානා ඈට කථාකොට: හන්නා, නුඹ අඬන්නේ මන්ද? නොකා සිටින්නේ මන්ද? නුඹේ සිත ශෝකව තිබෙන්නෙත් මක්නිසාද? මා පුත්‍රයන් දසදෙනෙකුට වඩා නුඹට හොඳ නැද්දැයි කීවේය.