Biblia Todo Logo
හුවමාරු යොමු
- දැන්වීම් -



2 රාජාවලිය 25:30

Sinhala Revised Old Version

ඔහුගේ ආහාර කොටසද නියමලෙස දවස්පතාම රජු වෙතින් ඔහුගේ ජීවිතයේ සියලු දවස්වල ඔහුට දෙනලද්දේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

10 හුවමාරු යොමු  

නුමුත් ගිලියදිය බර්සිල්ලයිගේ පුත්‍රයන්ට කරුණාව පෙන්වන්න, ඔව්හු නුඹේ මේසයෙන් කන තැනැත්තන් අතරේ සිටිත්වා. මක්නිසාද නුඹේ සහෝදරවූ අබ්සලොම් ඉදිරියෙන් මා පලාගිය විට ඔව්හු එලෙස මා ළඟට ආවෝය.

මක්නිසාද ගීතිකාකාරයන් ගැන රජුගේ ආඥාවක් තිබුණේය, ඔවුන් උදෙසා දවස්පතා උවමනාවූ කොටසක්ද නියමකර තිබුණේය.

සියලුම ඉශ්‍රායෙල්වරුද යෙරුබ්බාබෙල්ගේ දවස්වලත් නෙහෙමියාගේ දවස්වලත් දවසින් දවස ගීතිකාකාරයන්ගෙත් දොරටුපාලයන්ගෙත් කොටස් සහ ලෙවීවරුන්ට කැපකළ යුතුවූ දේවලුත් දුන්නෝය; ලෙවීවරුද ආරොන්ගේ පුත්‍රයන්ට කැපකළ යුතුවූ දේවල් දුන්නෝය.

නුඹද නුඹ බිහිකළ නුඹේ මවුද නුඹලා නූපන් අන් දේශයකට හෙළාදමන්නෙමි; එහිදී නුඹලා මැරෙනවා ඇත.

ඔහුගේ කෑම කොටසද නියමලෙස දවස්පතාම බබිලෝනියේ රජු වෙතින් ඔහුගේ මරණයේ දවස දක්වා, ඔහුගේ ජීවිතයේ සියලු දවස්වල ඔහුට දෙනලද්දේය.

රජතෙමේ ඔවුන්ට තමාගේ භෝජනවලින්ද තමා බොන මුද්‍රිකපානයෙන්ද දවස්පතා කොටසක් නියමකොට, ඊට පසු ඔවුන් රජු ඉදිරියෙහි සිටින පිණිස තුන් අවුරුද්දක් ඔවුන් පෝෂ්‍යකරන්ට අණකළේය.

අපේ දවස්පතා භෝජනය අපට අද දුන මැනව.

අපේ දවස්පතා භෝජනය අපට දවසින් දවස දුන මැනව.

ඒ දවස්වලදී ගෝලයන්ගේ ගණන වැඩිවෙන කල, දවස්පතා කෙරුණු උපස්ථානයේදී හෙල්ලීන යුදෙව්වරුන්ගේ වැන්දඹුවන් නොසලකනු ලැබූ නිසා හෙබ්‍රෙව්වරුන්ට විරුද්ධව කෙඳිරීමක් විය.




අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්