ඔහු තමාගේ පියා කළ සියල්ල ලෙස ස්වාමීන්වහන්සේගේ ඇස් හමුවෙහි නපුරුව තිබුණු දේ කෙළේය.
ස්වාමීන්වහන්සේ ඉශ්‍රායෙල් පුත්‍රයන් ඉදිරියෙන් පන්නාදැමූ ජාතීන්ගේ පිළිකුල් ලෙස ඔහු ස්වාමීන්වහන්සේගේ ඇස් හමුවෙහි නපුරුව තිබුණු දේ කෙළේය.
ඔහු තමාගේ පියවූ මනස්සේ කළ ලෙස ස්වාමීන්වහන්සේගේ ඇස් හමුවෙහි නපුරුව තිබුණු දේ කොට,
තමාගේ පියා හැසුරුණ මුළු මාර්ගයෙහිම හැසිර, තමාගේ පියා සේවයකළ දේව රූපවලට සේවයකරමින් ඒවාට නමස්කාරකෙළේය.
ඒ කාලයෙහි බබිලෝනියේ රජවූ නෙබුකද්නෙශර්ගේ සේවකයෝ යෙරුසලමට විරුද්ධව ආවෝය, නුවරද වටලනලද්දේ විය.
ඌද සිංහයන් අතරේ ගැවසී, තරුණ සිංහයෙක් වී, ගොදුරු අල්ලන්ට ඉගෙනගෙන, මනුෂ්‍යයන් කෑයේය.