ඔහු මුළු යෙරුසලමද සියලු අධිපතීන්ද සියලු යුද්ධකාරයන්ද වන දසදහස් දෙනෙක් සහ සියලු කර්මාන්තකාරයන්ද ආචාරීන්ද හිරගණනට ගෙන ගියේය; දේශයේ ඉතා දුප්පතුන් මිස කිසිවෙක් ඉතුරු නොවීය.
සත් දහසක් වූ සියලු යුද්ධකාරයන්ද කර්මාන්තකාරයන් සහ ආචාරීන් දහසක්ද වන යුද්ධකරන සියලු බලවන්තයන් බබිලෝනියේ රජ හිරගණනේ බබිලෝනියට ගෙනගියේය.
නුමුත් මිදිවතු වවන්ටත් ගොවිතැන් කරන්ටත් රැකවලුන්ගේ අධිපතියා දේශයේ ඉතා දිළිඳුන්ගෙන් සමහරෙක් ඉතුරුකොට ගියේය.
මෙසේ මුළු ඉශ්‍රායෙල් පෙළපත් වශයෙන් ලියවුණෝය; ඒවා ඉශ්‍රායෙල් රජවරුන්ගේ පොතේ ලියා තිබේ. යූදාවරු තමුන්ගේ ද්‍රෝහිකම නිසා බබිලෝනියට ගෙනයනලද්දෝය.
බබිලෝනියේ රජ වූ නෙබුකද්නෙශර් විසින් අල්ලා බබිලෝනියට ගෙනයනලද්දවුන්ගෙන් වාල්කමින් මිදී, යෙරුසලමටත් යූදාහි තම තමුන්ගේ නුවරවලටත්
මාගේ සහෝදරයන්ගෙන් එක්කෙනෙක්වූ හනානීද ඔහු සමඟ තවත් මනුෂ්‍යයෝද යුදයෙන් ආවෝය; එවිට වාල්කමෙන් ගැළවී ඉතුරුවුණ යුදෙව්වරුන් ගැනද යෙරුසලම ගැනද ඔවුන්ගෙන් විචාළෙමි.
ගෙනයනු ලැබූ අය අතරේ යෙරුසලමෙන් ගෙනයනලද බෙන්යමියයෙක්වූ කීෂ්ගේ පුත්‍රයා වන ෂිමෙයිගේ පුත්‍රවූ යායිර්ගේ පුත්‍රයා වන මොර්දෙකයි නම්වූ යුදෙව්වෙක් ෂූෂන් බලකොටුවෙහි සිටියේය.
බලවන්තයා සහ යුද්ධකාරයාද; විනිශ්චයකාරයා සහ ප්‍රොපේතයාද පේනකියන්නා සහ වැඩිමහල්ලාද;
ඔහු හැර නොගත්තාවූ කුළුනු ගැනත් මුහුද ගැනත් මැහි ගැනත් මේ නුවර ඉතිරිව තිබෙන අනික් භාණ්ඩ ගැනත් සේනාවල ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක.
යෙහෝයාකීම්ගේ පුත්‍රවූ යූදාහි රජවූ යෙකොනියාද, අසුවී බබිලෝනියට ගෙනයනු ලැබුවාවූ සියලුම යූදාවරුන්ද මම නැවත මේ ස්ථානයට ගෙනෙන්නෙමි. මක්නිසාද බබිලෝනියේ රජුගේ වියගහ බිඳින්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේකැයි කීවේය.
අනාගතවක්තෘවූ යෙරෙමියා විසින්, අසුවී ගියාවූ වැඩිමහල්ලන්ගෙන් ඉතුරු තැනැත්තන්ටද පූජකයන්ටද අනාගතවක්තෘවරුන්ටද නෙබුකද්නෙශර් විසින් යෙරුසලමෙන් බබිලෝනියට අල්ලාගන ගිය මුළු සෙනඟටද ලියා,
එහෙත් කිසිවක් නැති දිළිඳු සෙනඟගෙන් සමහරෙක් රැකවලුන්ගේ අධිපතියාවූ නෙබුසරදාන් යූදා දේශයෙහි ඉතිරිකර තබා, එකල්හිම ඔවුන්ට මිදිවතු සහ කෙත්ද දුන්නේය.
පිටිසර සිටිය සේනාවල අධිපතීහුද ඔවුන්ගේ මිනිස්සුද බබිලෝනියේ රජු අහිකාම්ගේ පුත්‍රවූ ගෙදලියා දේශයේ ආණ්ඩුකාරයා කොට පත්කළ බවත් බබිලෝනියට ගෙන නොගිය දේශයේ ඉතා දිළිඳුවූවන්ගෙන් පුරුෂයන්ද ස්ත්‍රීන්ද දරුවන්ද ඔහුට භාරකළ බවත් ඇසූ විට,
නුමුත් මිදිවතු වවන්ටත් ගොවිතැන්කරන්ටත් රැකවලුන්ගේ අධිපතියාවූ නෙබුසරදාන් දේශයේ දිළිඳුන්ගෙන් සමහරෙකු ඉතිරිකර ගියේය.
නෙබුකද්රෙශර් විසින් අල්ලාගන ගිය සෙනඟ නම්: හත්වෙනි අවුරුද්දේදී යුදෙව්වරුන් තුන්දාස් විසිතුන් දෙනෙක්ය.
මෙසේ කළේ රාජ්‍යය පහත්ව තිබී ඔහුගේ ගිවිසුම පැවැත්වීම කරණකොටගෙන එය පවතිනවා මිස නැවත උසස් නොවන පිණිසය.
ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේකැයි කියන්න. මහත් පියාපත්ද දිග පිහාටුද ඇත්තාවූ, පිහාටුවලින් ගැවසීගත්තාවූ, විසිතුරුවූ මහ රාජාලියෙක් ලෙබනොන්ට ඇවිත් කිහිරි ගහේ මුදුන කඩාගත්තේය.
බබිලෝනියට ගෙනයාමේ කාලයෙහිදී, යොෂියාට දාව යෙකොනියාද ඔහුගේ සහෝදරයෝද උපන්නෝය.
බබිලෝනියට ගෙනයාමට පසු, යෙකොනියාට දාව ෂෙයල්තියෙල් උපන්නේය; ෂෙයල්තියෙල්ට දාව සෙරුබාබෙල් උපන්නේය;
මෙසේ ආබ්‍රහම් පටන් දාවිත් දක්වා සියලු පරම්පරා දසසතරක්ය; දාවිත් පටන් බබිලෝනියට ගෙනයාම දක්වා පරම්පරා දසසතරක්ය; බබිලෝනියට ගෙනයාමේ පටන් ක්‍රිස්තුස්වහන්සේ දක්වා පරම්පරා දසසතරක්ය.
ස්වාමීන්වහන්සේ නුඹද නුඹ කෙරෙහි නුඹ පත්කරගන්න රජුද නුඹවත් නුඹේ පියවරුන්වත් දැන නොගත් ජාතියක් වෙතට පමුණුවනසේක; එහිදී නුඹ ලීද ගල්ද වූ අන් දෙවිවරුන්ට සේවයකරන්නෙහිය.
මුළු ඉශ්‍රායෙල් දේශයෙහි ආචාරියෙක් නොසිටියේය. මක්නිසාද: හෙබ්‍රෙව්වන් කඩුද හෙල්ලද සාදානොගන්න පිණිසයයි පිලිස්තිවරු කීවෝය.