ස්වකීය සේවකයන් නුවර වටලාගන සිටිද්දී බබිලෝනියේ රජවූ නෙබුකද්නෙශර්ද එතැනට ආයේය.
ඒ කාලයෙහි බබිලෝනියේ රජවූ නෙබුකද්නෙශර්ගේ සේවකයෝ යෙරුසලමට විරුද්ධව ආවෝය, නුවරද වටලනලද්දේ විය.
එවිට යූදාහි රජවූ යෙහෝයාඛින්ද ඔහුගේ මෑණියෝද ඔහුගේ සේවකයෝද ඔහුගේ අධිපතියෝද ඔහුගේ ඇමතියෝද පිටතට බබිලෝනියේ රජු ළඟට ගියෝය. බබිලෝනියේ රජතෙමේ තමාගේ රජකම් කිරීමේ අටවෙනි අවුරුද්දේදී ඔහු අල්ලාගත්තේය.
මම නුඹට විරුද්ධව හාත්පසින් අන්දායම් බැඳ, කොටුවක් තනා, නුඹට විරුද්ධව ගොඩැලි සාදන්නෙමි.
එවිට මම ඇවිත් නුඹලාගේ දේශයට සමානවූ දේශයකට, ධාන්‍ය හා මුද්‍රිකපානයද කෑම හා මිදිවතුද ඇති දේශයකට නුඹලා ගෙනයන තුරු, නුඹලා කාටත් තම තමාගේ මුද්‍රික වැලෙන්ද තම තමාගේ අත්තික්කා ගසෙන්ද කන්ටත් තම තමාගේ ළිඳේ වතුර බොන්ටත් පුළුවන.
මේ කාරණා මොනවාද කියා නුඹලා දන්නේ නැද්දැයි කැරළිකාර වංශයට කියන්න. තවත් මෙසේ කියන්න: බබිලෝනියේ රජ යෙරුසලමට ඇවිත් එහි රජු සහ එහි අධිපතීන්ද රැගෙන තමා සමඟ බබිලෝනියට ගෙනගියේය.
එවිට ජාතීහු රටවලින් ඔහුට විරුද්ධව වටකරින් ඇවිත්, තමුන්ගේ දැල ඌ පිට හෙළුවෝය; ඌද ඔවුන්ගේ වළට අසුවිය.