ඔහු අෂේරා පිළිමය ස්වාමීන්වහන්සේගේ ගෘහයෙන් අහක්කොට යෙරුසලමෙන් පිටත කිද්‍රොන් ඔයට ගෙන ගොස්, කිද්‍රොන් ඔය ළඟ පුලුස්සාදමා කුඩුකර, ඒ කූඩු පොදු සෙනඟගේ මිනීවළවල් උඩ විසුරුවා දැමුවේය.
ඔව්හුද සියලු උස් හෙල් පිටත් සියලු අමු ගස් යටත් උස් තැන්ද රූප-කුළුනුද අෂේරා කණුද සාදාගත්තෝය;
තමාගේ මවුවූ මයකා අෂේරා කණුවක් පිණිස පිළිකුල් රූපයක් සෑදූ බැවින් ඔහු ඈ මව් බිසෝකමින් අහක්කර, ඇගේ රූපය කපාදමා, කිද්‍රොන් ඔය ළඟදී පුලුස්සාදැමුවේය.
ආහබ් තෙම තමාට පළමු සිටි සියලු ඉශ්‍රායෙල් රජුන්ටත් වඩා ඉශ්‍රායෙල් දෙවිවූ ස්වාමීන්වහන්සේ කෝපකරවීමට කාරණා කෙළේය.
නුඹ පිටතට ගොස් කිද්‍රොන් ඔයෙන් එගොඩව ගිය දවසේදී නසිනවාම ඇතැයි දැනගන්න. නුඹේලේ නුඹේම හිස පිට වන්නේයයි ඔහුට කීවේය.
තවද ඔව්හු බාල්ගේ ගෘහයේ රූප-කුළුනු, පිටතට ගෙනැවිත් පුලුස්සාදමා,
බාල්ගේ රූපස්තම්භ බිඳ දමා, බාල්ගේ ගෘහයත් බිඳ දමා, අද දක්වා තිබෙන හැටියට එය වැසිකිළියක් කළෝය.
තමා සෑදූ අෂේරා රූපයද ඔහු ස්වාමීන්වහන්සේගේ ගෘහයෙහි තැබීය. ඒ ගෘහය ගැන ස්වාමීන්වහන්සේ දාවිත්ටත් ඔහුගේ පුත්‍රවූ සාලමොන්ටත් කථාකොට: මේ ගෘහයෙහිද මා විසින් සියලු ඉශ්‍රායෙල් ගෝත්‍රවලින් තෝරාගත් යෙරුසලමේද මාගේ නාමය සදාකාලේටම තබන්නෙමි.
ඔහු ආහාස්ගේ උඩුමහලේ පියස්ස උඩ තිබුණාවූ, යූදාහි රජවරුන් විසින් සෑදුවාවූ පූජාසනද ස්වාමීන්වහන්සේගේ මිදුල් දෙකේ මනස්සේ විසින් සෑදූ පූජාසනද කඩා එතනින් හෙළාදමා, ඒවායේ කුඩු කිද්‍රොන් ඔයට විසිකෙළේය.
තවද බෙතෙල්හි තිබුණ පූජාසනයද ඉශ්‍රායෙල්වරුන්ට පව්කරන්ට සැලැස්සුවාවූ නෙබාත්ගේ පුත්‍රවූ යෙරොබොවම් සෑදූ උස්තැනද වන පූජාසනයත් උස්තැනත් ඔහු කඩා දමා, උස්තැන පුලුස්සා දමා කුඩුකර, අෂේරා පිළිමයද පුලුස්සාදැමුවේය.
ආසා රජුගේ මෑණියන්වූ මයකා විසින් අෂේරාට පිළිකුල් රූපයක් සෑදූ නිසා ආසා ඇය බිසෝකමෙන් අහක්කර, ඇගේ පිළිමය කපාදමා සුණුකර, කිද්‍රොන් ඔය ළඟදී එය පුලුස්සා දැමුවේය.
තමාගේ පියවූ හෙසකියා කඩාදැමූ උස්තැන් ඔහු නැවත ගොඩනගා, බාල් දේවතාවන්ට පූජාසන නගා, අෂේරා කණුද සෑදුවේය. ඔහු අහසේ මුළු සේනාවටත් නමස්කාරකරමින් ඒවාට සේවයකෙළේය.
ඔහු ඉදිරිපිටදී බාල්ගේ පූජාසන කඩා දමනලද්දේය; ඒවාට උඩින් තිබුණු සූර්ය–රූප ඔහු කපාදමා, අෂේරා කණුද කැපූ රූපද වාත්තු රූපද බිඳ කුඩුකොට, ඒවාට පූජා කළ අයවලුන්ගේ මිනීවළවල් පිට ඉස්සේය.
ඔහු ඔවුන් විසින් සෑදූ වස්සා ගෙන ගින්නෙන් දවා දූවිලි වෙන තුරු කුඩුකර ඒවා වතුර පිට ඉස ඉශ්‍රායෙල් පුත්‍රයන්ට බොන්ට සැලැස්සුවේය.
එසේම ඔවුන්ගේ දරුවෝද උස්වූ හෙල් උඩ අමු ගස් ළඟ තිබෙන ඔවුන්ගේ පූජාසනද ඔවුන්ගේ අෂේරා කණුද සිහිකරති.
එබැවින් යොෂියාගේ පුත්‍රවූ යූදාහි රජවූ යෙහෝයාකීම් ගැන ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: අහෝ මාගේ සහෝදරය! අහෝ සහෝදරිය! කියා ඔව්හු ඔහු ගැන නොවැලපෙන්නෝය. අහෝ ස්වාමිනි! අහෝ ඔහුගේ මහිමය! කියා ඔහු ගැන නොවැලපෙන්නෝය.
මළකඳන් සහ අළු දමන මුළු මිටියාවතද, කිද්‍රොන් ඔය දක්වාද, නැගෙනහිරට තිබෙන අශ්ව දොරටුවේ කොන දක්වාද සියලු පිට්ටනි ස්වාමීන්වහන්සේට ශුද්ධවන්නේය; එය තවත් සදාකාලේටම උදුරනු නොලබන්නේය, හෙළාදමනු නොලබන්නේයයි ස්වාමීන්වහන්සේ කියනසේක.
යේසුස්වහන්සේ මේ වචන කියා නිමවූ කල තමන් ගෝලයන් සමඟ කිද්‍රොන් නම් ඔයෙන් එගොඩට ගියසේක; එහි තිබුණු උයනකට උන්වහන්සේ තමන් ගෝලයන් සමඟ ඇතුල්වූසේක.
ඔවුන්ගේ දෙවිවරුන්ගේ රූප ගින්නෙන් දවාදමන්න. ඒවායේ තිබෙන රන් රිදීවලට ආශාවී ඒවා නොගන්න, එසේ කළොත් නුඹ මලපතකට අසුවන්නේය. මක්නිසාද ඒවා නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේට පිළිකුලක්ය.
නුඹලාගේ පාපය වන නුඹලා සෑදු වස්සා මම අරගන ගින්නෙන් පුලුස්සා දමා, කොටා, ධූලි මෙන් පොඩිවෙන තුරු අඹරා, ඒකේ කුඩු කන්දෙන් ගලාගන ආ ඔයේ හෙළිමි.
ඉශ්‍රායෙල් පුත්‍රයෝ ස්වාමීන්වහන්සේගේ ඇස් හමුවෙහි නපුරුව තිබුණුදේ කළෝය, ඔව්හු තමුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ සිහිනැතිකොට බාල් දේවතාවුන්ටත් අෂේරීන්ටත් සේවයකළෝය.