එනම් වඩුවන්ටත් ගොඩනගන්නන්ටත් පෙදරේරුවන්ටත් ගෘහය අලුත්වැඩියාකිරීමට ලී සහ කැපූ ගල්ද මිලේට ගැනීම පිණිස ඒවා දෙත්වයි කීවේය.
තවද තීර්හි රජවූ හීරාම් පණිවිඩකාරයන්ද කිහිරි ලීද වඩුවන්ද ගල් වඩුවන්ද දාවිත් වෙතට එවුවේය. ඔව්හු දාවිත්ට ගෙයක් ගොඩනැගුවෝය.
පෙදරේරුවරුන්ටත් ගල්කපන්නන්ටත් ස්වාමීන්වහන්සේගේ ගෘහයේ කැඩුම් හරිගැස්සීමට ලී සහ කැපූ ගල් මිලේට ගන්නා පිණිසත් ගෘහය අලුත්වැඩියා කිරීමට ඕනෑකළ සියල්ලටත් ඒ මුදල් දුන්නෝය.
ඒවා ස්වාමීන්වහන්සේගේ ගෘහයෙහි වැඩකරවීමට පත්ව සිටින තැනැත්තන් අතට දෙනු ලැබේවා; ඔව්හුද ස්වාමීන්වහන්සේගේ ගෘහයේ කැඩුම් හරිගැස්සීමට කර්මාන්තකාරයන්ට,
එසේ වී නුමුත් ඔවුන් විශ්වාසලෙස කටයුතු කළ බැවින් ඔවුන් අතට දුන් මුදල් ගැන ඔවුන්ගෙන් ගණන් ගැනීමක් නොවූයේය.
තවද දාවිත් ඉශ්‍රායෙල් දේශයෙහි සිටි සියලු විදේශීන් රැස්කරන්ට අණකොට, දෙවියන්වහන්සේගේ ගෘහය ගොඩනගන පිණිස හතරැස් ගල් කපන්ට ගල්වඩුවන් පත්කෙළේය.