Biblia Todo Logo
හුවමාරු යොමු
- දැන්වීම් -



2 රාජාවලිය 22:14

Sinhala Revised Old Version

එවිට පූජකවූ හිල්කියාද අහිකාම්ද අක්බොර්ද ෂාපාන්ද අසායාද හර්හස්ගේ පුත්‍රයා වන තික්වාගේ පුත්‍රවූ වස්ත්‍ර භාරකාරයාවූ ෂල්ලුම්ගේ භාර්යාව වන හුල්දා අනාගතවක්ත්‍රිය ළඟට ගොස් ඈට කථාකළෝය. ඈ යෙරුසලමේ දෙවෙනි කොට්ඨාසයෙහි වාසයකළාය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

14 හුවමාරු යොමු  

ඔහු වස්ත්‍ර ගබඩාවේ මුලාදෑනියාට කථාකොට: බාල් අදහන සියල්ලන්ට වස්ත්‍ර ගෙනෙන්නැයි කීවේය. ඔහු වස්ත්‍ර ගෙනායේය.

ඈ ඔවුන්ට කියන්නී: ඉශ්‍රායෙල්හි දෙවිවූ ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක–නුඹලා මා වෙතට එවූ මනුෂ්‍යයාට ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේකැයි කියන්න:

එවිට හිල්කියාද රජුගේ ආඥාව ලැබූ අනික් අයද හස්රාගේ පුත්‍රයා වන තොක්හත්ගේ පුත්‍රවූ වස්ත්‍ර භාරකාරයාවූ ෂල්ලුම්ගේ භාර්යාව වන හුල්දා නම් ප්‍රොපේතවරිය වෙතට ගොස් ඒ හැටියට ඈට කථාකළෝය; ඕතොම යෙරුසලමේ දෙවෙනි කොටසෙහි විසුවාය.

සෙනඟගෙන් ඉතිරි අය දුන්නේ රන් දරික් මිල විසි දහසකුත් රිදී රාත්තල් දෙදහසකුත් පූජක-ඇඳුම් හැට හතකුත්ය.

එවිට ආරොන්ගේ සහෝදරීවූ මිරියාම් ප්‍රොපේත දූ තොමෝ රබානක් අතින් ගත්තීය; සියලු ස්ත්‍රීහු රබන්ද නැටුම්ද ඇතුව ඈ පස්සේ ගියෝය.

යෙරෙමියා හිරගෙයි මළුවෙන් ගෙන්වාගෙන, ඔහු ගෙදරට ගෙනයන පිණිස ෂාපාන්ගේ පුත්‍රවූ අහිකාම්ගේ පුත්‍රයා වන ගෙදලියාට භාරකළෝය. ඔහු සෙනඟ අතරෙහි වාසයකෙළේය.

තවද මනුෂ්‍ය පුත්‍රය, තමුන්ගේම සිතින් උපදවා අනාගතවාක්‍ය කියන්නාවූ නුඹේ සෙනඟගේ දූවරුන්ට විරුද්ධව නුඹේ මුහුණ තබා, ඔවුන්ට විරුද්ධව අනාගතවාක්‍ය කියමින්,

මම නුඹ මිසර දේශයෙන් ගෙනායෙමි, වහල්කමේ ගෙයින් නුඹ මුදා, නුඹට පෙරටුවෙන් මෝසෙස්ද ආරොන්ද මිරියාම්ද ඇරියෙමි.

එම දවසේම මත්ස්‍ය දොරටුවෙන් ඝෝෂාවක්ද දෙවෙනි කොටසෙන් කෑමොරගැසීමක්ද හෙල්වලින් බිඳීම් ගබ්දයක්ද වන්නේයයි ස්වාමීන්වහන්සේ කියනසේක.

තවද ආෂෙර්ගේ ගෝත්‍රයේ ඵානුයෙල්ගේ දූවූ, ඉතා වයස්ගතවූ, ආනා නම් අනාගතවක්ත්‍රියක් සිටියාය. ඈ කන්‍යාවස්ථාවෙහි සිට සත් අවුරුද්දක් ස්වාමි පුරුෂයෙකු සමඟ වාසයකළාය,

ප්‍රොපේතවාක්‍ය කියන්නාවූ කන්‍යා දූවරු සතරදෙනෙක් ඔහුට සිටියෝය.

නුමුත් හිස නොවසා යාච්ඤාකරන්නාවූ නොහොත් ධර්මවාක්‍ය පවසන්නාවූ ස්ත්‍රී තමාගේ හිසට අගෞරව කරන්නීය. මක්නිසාද ඈ මුඩුකළ හිස ඇත්තියකට සමානය.

ඒ කාලයෙහි ඉශ්‍රායෙල්වරුන් විනිශ්චයකෙළේ ලප්පිදොත්ගේ භාර්යාව වූ අනාගතවක්ත්‍රියක්වූ දෙබොරා තොමෝය.




අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්