Biblia Todo Logo
හුවමාරු යොමු
- දැන්වීම් -



2 රාජාවලිය 21:23

Sinhala Revised Old Version

ආමොන්ගේ සේවකයෝ ඔහුට විරුද්ධව කුමන්ත්‍රණයකොට ඔහුගේ ගෙදරදී ඔහු මැරුවෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

8 හුවමාරු යොමු  

තවද ඉස්සාඛර් වංශයේ අහියාගේ පුත්‍රවූ බාෂා නාදාබ්ට විරුද්ධව කුමන්ත්‍රණයකොට, නාදාබ් සහ සියලු ඉශ්‍රායෙල්වරුන් පිලිස්තිවරුන්ට අයිති ගිබ්බෙතෝන් වටලාගන සිටින අතර එහිදී ඔහුට පහරදුන්නේය.

ඔහුගේ රථවලින් දෙකෙන් කොටසකට අධිපතියාව සිටි ඔහුගේ සේවකවූ සිම්රි ඔහුට විරුද්ධව කුමන්ත්‍රණයකොට, ඔහු තිර්ශාහි ගෙදර ප්‍රධානියාවූ අරිශාගේ ගෙයිදී බීමත්වී සිටින අතර,

ඔහුගේ සේවකයෝ නැගිට කුමන්ත්‍රණයකොට, සිල්ලාට යන මාර්ගයෙහි තිබෙන මිල්ලෝහි ගෙයිදී යෝවාෂ් මැරුවෝය.

මිනිස්සු ඔහුට විරුද්ධව යෙරුසලමෙහි කුමන්ත්‍රණයක් කළෝය; ඔහු ලාකීෂ්ට පලාගියේය. නුමුත් ඔව්හු ඔහු පස්සේ ලාකීෂ්ට මිනිසුන් යවා,

ඔහුගේ රථාධිපතියාවූ රෙමලියාගේ පුත්‍රවූ පෙකා ඔහුට විරුද්ධව කුමන්ත්‍රණයකොට ගිලියද්වරුන්ගේ පුත්‍රයන්ගෙන් මනුෂ්‍යයන් පනස්දෙනෙකුන් කැඳවාගෙන ඇවිත්, සමාරියෙහි රජගෙයි බලකොටුවේදී ඔහුටත් අර්ගොබ්ටත් අරියාටත් පහරදී මරා ඔහු වෙනුවට රජ වුණේය.

උස්සියාගේ පුත්‍රවූ යෝතාම්ගේ විසිවෙනි අවුරුද්දේදී ඒලාගේ පුත්‍රවූ හෝෂෙයා රෙමලියාගේ පුත්‍රවූ පෙකාට විරුද්ධව කුමන්ත්‍රණයකොට, ඔහුට පහරදී මරා ඔහු වෙනුවට රජවුණේය.

යූදාහි රජවූ අහසියා ඒ දැක උයනේ ගේ මගින් පලාගියේය. යේහු ඔහු පස්සේ එළවාගනගොස්: ඔහුටත් රථයේ සිටින විට පහරදෙන්නැයි කීවේය. එසේ ඔව්හු ඉබ්ලියාම් ළඟ ගුර් නම් ගොඩැල්ලේදී ඔහුට පහරදුන්නෝය. ඔහු මෙගිද්දෝට පලාගොස් එහිදී මළේය.




අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්