ඒ කාලයේදී බලදාන්ගේ පුත්‍රවූ බබිලෝන්හි රජවූ බෙරොදක්-බලදාන් හෙසකියා රෝගීව සිටිය බව අසා ලියුම්ද තෑග්ගක්ද ඔහු වෙතට හැරියේය.
ඔහුගේ රාජ්‍යයේ පටන්ගැන්ම නම්: ෂිනාර් දේශයෙහි පිහිටි බාබෙල්, එරෙක්, අක්කද් සහ කල්නේය.
ඔව්හුද නුවර ගොඩනැගීම අත්හැරියෝය. එහිදී ස්වාමීන්වහන්සේ මුළු පොළොවේ භාෂාව අවුල්කළ බැවින් ඊට බාබෙල් නම් විය. එතැනින් ස්වාමීන්වහන්සේ මුළු පොළෝතලයෙහි ඔවුන් විසිරෙවුසේක.
දාවිත්ද: හානුන්ගේ පියවූ නාහෂ් මට කරුණාව පෙන්වූ ලෙස මම හානුන්ට කරුණාව පෙන්වන්නෙමියි කියා, ඔහුගේ පියා ගැන ඔහු සනසන පිණිස තමාගේ සේවකයන් අත කියා ඇරියේය. දාවිත්ගේ සේවකයෝ අම්මොන් පුත්‍රයන්ගේ දේශයට පැමුණුණෝය.
දාවිත් එසේ හදද්එසෙර්ට විරුද්ධව සටන්කොට ඔහුට පහරදුන් නිසා දාවිත්ට ආචාරකරන්ටත් ඔහුට ආශීර්වාදකරන්ටත් ඔහු වෙතට තමාගේ පුත්‍රවූ යෝරාම් එවුවේය. මක්නිසාද හදද්එසෙර් සහ තොයි අතරේ යුද්ධ පැවතුණේය. යෝරාම් රිදී බඩුද රන් බඩුද පිත්තල බඩුද ගෙනාවේය.
එහෙත් හෙසකියා තමාට ලැබුණු කරුණාවේ හැටියට යුතු ලෙස නොහැසිර සිතින් උඩඟුවිය. ඒ නිසා ඔහු පිටටත් යූදා සහ යෙරුසලම පිටටත් උදහස පැමිණියේය.
එසේවුවත් දේශයෙහි සිද්ධවුණ ආශ්චර්යය ගැන විභාගකරන්ට බබිලෝනියේ අධිපතීන් විසින් තානාපතියන් ඔහු ළඟට එවූ කල, ඔහුගේ සිතේ තිබුණ සියල්ල දැනගන්න පිණිස දෙවියන්වහන්සේ ඔහු සෝදිසි කිරීමට අත්හැරියසේක.
ආමොස්ගේ පුත්‍රවූ යෙසායාට බබිලොන් ගැන එළිදරව්වූ දිව්‍ය ප්‍රකාශනයය.
මෙසේ රාජ්‍යවල අලංකාරයද කල්දිවරුන්ගේ උඩඟුකමේ තේජසද වූ බබිලෝනීය දෙවියන්වහන්සේ විසින් නාස්තිකළ සොදොමටද ගොමොරාවටද සමානවන්නේය.
නුඹ බබිලෝනියේ රජුට විරුද්ධව මේ උපමාව කියන්නෙහිය: අහෝ පීඩාකාරයා නැවතුණු හැටි! රන් නුවර නැවතුණු හැටි!