හෙසකියාද: ඡායාව අංශක දශයක් බසින එක සුළු දෙයක්ය; එසේ නොව ඡායාව අංශක දශයක් පස්සට හැරී ඒවයි කීවේය.
ඔහුද: නුඹ අමාරු දෙයක් ඉල්ලුවෙහිය. එහෙත් නුඹ වෙතින් මා ගන්න විට නුඹ මා දුටුවොත් නුඹට එසේ වන්නේය; නැතහොත් එසේ නොවන්නේයයි කීය.
එවිට අනාගතවක්තෘවූ යෙසායා ස්වාමීන්වහන්සේට යාච්ඤා කෙළේය. උන්වහන්සේ ආහාස්ගේ හෝරා මණ්ඩලය පිට ඡායාව බැසගිය තැනින් අංශක දශයක් පස්සට පැමිණෙවුසේක.
යෙසායා කථාකොට: ස්වාමීන්වහන්සේ කී දේ කරන බවට ස්වාමීන්වහන්සේගෙන් නුඹට ලැබෙන ලකුණ මේය: එනම් ඡායාව අංශක දසයක් ඉස්සරහට යන්ටද නැතහොත් පස්සට හැරී එන්ටදැයි ඇසීය.
මේත් ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි සුළු දෙයකි. උන්වහන්සේ මෝවබ්වරුන්ද නුඹලා අතට පාවාදෙනසේක.
එසේය, උන්වහන්සේ කථාකොට: යාකොබ්ගේ ගෝත්‍ර නැගිටවීමටත් ආරක්ෂා කරනලද ඉශ්‍රායෙල්වරුන් හැරවීමටත් නුඹ මාගේ සේවකයා වුණාට මදිය. පොළොවේ කෙළවර දක්වා මාගේ ගැළවීම වන පිණිස නුඹ අන්‍ය ජාතීන්ට එළියක් කොටද දෙන්නෙමියි කියනසේක.
සැබැවක් සැබැවක් නුඹලාට කියමි–මා කෙරෙහි අදහන්නා මා කරන ක්‍රියාත් කරන්නේය; මා පියාණන්වහන්සේ ළඟට යන නිසා මීට වඩා මහත් ක්‍රියාත් ඔහු කරන්නේය.
ස්වාමීන්වහන්සේ අමෝරිවරුන් ඉශ්‍රායෙල් පුත්‍රයන්ට පාවාදුන් ඒ දවසේදී යෝෂුවා ස්වාමීන්වහන්සේට කථාකොට මුළු ඉශ්‍රායෙල්වරුන්ගේ ඇස් හමුවෙහිදී කියනුයේ: එම්බා සූර්යය, තෝ ගිබියොන් පිටද, චන්ද්‍රය, තෝ ආයාලොන් මිටියාවත පිටද නැවතී සිටිව්යයි කීවේය.
එවිට සෙනඟ තමුන්ගේ සතුරන්ගෙන් පළිගන්නතුරු, සූර්යයා නැවතී සිටියේය, චන්ද්‍රයාද නැවතුණේය. මෙපවත් යාෂාර්ගේ පොතේ ලියා තිබෙනවා නොවේද? සූර්යයා සම්පූර්ණ දවසක් පමණ බැසීමට ඉක්මන් නොවී අහස මැද සිටියේය.