එවිට එලියා තමාගේ උතුරු සළුව රැගෙන අකුළා වතුරට ගැසීය, වතුර දෑතට බෙදී ගියේය, ඒ දෙදෙනා වියළි බිම පිට එගොඩවූවෝය.
එලියා ඒ අසා තමාගේ මුහුණ සළුවෙන් වසාගෙන පිටත්ව ගොස් ගුහාවේ දොරකඩ සිටියේය. එවිට හඬක් ඔහු වෙතට පැමිණ: එලියා, නුඹ මෙහි මක්කරනවාදැයි ඇසුවේය.
මෙසේ ඔහු එතැනින් ගියවිට ෂාපාත්ගේ පුත්‍රවූ එලිෂා ඔහුට සම්බවුණේය, එලිෂා ගවයන් දොළොස් බානක් පස්සේ හාමින් දොළොස්වෙනි බාන සමඟ සිටිනවා ඔහු දුටුවේය. එලියා ඔහු ළඟට ගොස් තමාගේ සළුව ඔහු පිට හෙළීය.
එලියාගෙන් වැටුණු ඔහුගේ සළුව අරගෙන: එලියාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ කොයිද කියා වතුරට ගැසුවේය. ඔහුත් වතුරට ගැසූවිට එය දෑතට බෙදී ගියේය. එලිෂා එගොඩවුණේය.
එහෙත් ඉශ්‍රායෙල් පුත්‍රයෝ මුහුද මැද වියළි භූමිය පිට ගියෝය; ජලය දකුණෙන්ද වමෙන්ද ඔවුන්ට තාප්පයක් වූයේය.
ස්වාමීන්වහන්සේ මිසර මුහුදේ අත්ත සහමුලින්ම නැතිකර දමනසේක; උන්වහන්සේ තමන් බලවත් සුළඟින් ස්වකීය හස්තය ගංගාව කෙරෙහි දිගුකොට, මනුෂ්‍යයන්ට තමුන්ගේ මිරිවැඩි නොතෙමා එගොඩවෙන්ට පුළුවන්වන ලෙස දිය පාර සතකට බෙදීයන්ට ඊට ගසනසේක.
ඇදහිල්ලෙන්, ඔව්හු රතුමුහුද මැදින් වියළි බිමින් මෙන් ගියෝය. මිසරවරු එසේ කරන්ට උත්සාහකොට ගිලී මළෝය.
ඔව්හු ගල්ගසනු ලැබුවෝය, කියතෙන් ඉරනු ලැබුවෝය, පරීක්ෂා කරනු ලැබුවෝය, කඩුවෙන් මරනු ලැබුවෝය. ඔව්හු අසරණකම්ද පීඩාද නපුරුකමද විඳිමින්, බැටළු හම්ද එළු හම්ද ඇඳගෙන, ඔබ මොබ ගියෝය.
සවෙනියා තමාගේ පාත්‍රය මහ ගඟෙහි, එනම් එප්‍රාත් ගඟෙහි වැගිරෙවුවේය; එවිට නැගෙනහිර දිසාවෙන් එන රජුන්ගේ මාර්ගය සාදනු ලබන පිණිස එහි වතුර සිඳීගියේය.
ඔහුගේ හැටි කොහොමදැයි ඔහු ඇගෙන් ඇසුවේය. ඈ: මහලු මනුෂ්‍යයෙක් නැගීඑන්නේය; ඔහු සළුවක් පෙරවාගෙන ඉන්නේයයි කීවාය. ඒ සාමුවෙල් බව සාවුල්ට දැනී ඔහු මුහුණින් බිමට නැමී වැන්දේය.