ඔහු වතුර උල්පත ළඟට ගොස් එහි ලුණු දමා: මේ වතුර සුවපත් කෙළෙමියි කියාත් තවත් එයින් මරණයවත් වඳවීමවත් නොවන්නේය කියාත් ස්වාමීන්වහන්සේ වදාරනසේකැයි කීවේය.
ඔහුද: අලුත් සැළියක් මා ළඟට ගෙනැවිත් එහි ලුණු දමන්නැයි කීවේය. ඔව්හුද එය ඔහු ළඟට ගෙනාවෝය.
මෙසේ එලිෂා කී වචනය ලෙස ඒ වතුර අද දක්වා සුවපත්ව පවතියි.
ඔවුන්ට ඒවා කන්ට නොහැකිවිය. ඔහුද: එසේවීනම් පිටි ගෙනෙන්නැයි කියා ඒවා සැළියෙහි දමා කථාකොට: කන පිණිස සෙනඟට වත්කර දෙන්නැයි කීවේය. එවිට සැළියෙහි කිසි වසක් නොවීය.
එවිට දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයා: ඒක වැටුණේ කොතනදැයි ඇසුවේය. ඔහු ඒ ස්ථානය ඔහුට පෙන්නූ විට ඔහු දණ්ඩක් කපා එහි දැමුවේය, එවිට යකඩය පාවුණේය.
නුඹේ සියලු ආහාර පූජා ලුණෙන් රසකරන්න; නුඹේ දෙවියන්වහන්සේගේ ගිවිසුමේ ලුණු නුඹේ ආහාර පූජාවට නොදමා නොහැරිය යුතුය. නුඹේ සියලු පූජාවල් සමඟ ලුණු ඔප්පුකළ යුතුය.
මනුෂ්‍යයන් මා නිසා නුඹලාට නින්දා පීඩාකොට නුඹලාට විරුද්ධව සියලු ආකාර අගුණ බොරුවෙන් කියන කල නුඹලා ආශීර්වාදලද්දෝය.
ලුණු හොඳය. නුමුත් ඒවායේ ලුණු ගතිය නැතිවුණොත් ඒවා රස කරන්නේ කුමකින්ද? නුඹලා තුළ ලුණු ඇතුව සිටින්න, එකිනෙකා සමඟ සමාදානයෙන් සිටින්නැයි කීසේක.
උන්වහන්සේ මෙසේ කියා බිමට කෙළ ගසා, එයින් මඩ සාදා ඒවා ඔහුගේ ඇස්වල ගා:
උන්වහන්සේ ඔවුන්ගේ ඇස්වලින් සියලු කඳුළු පිසදමනසේක; මරණය තවත් නොවන්නේය; වැලපීමත් හැඬීමත් වේදනාවත් තවත් නොවන්නේය. මක්නිසාද පළමු දේවල් පහව ගියේයයි සිංහාසනයෙන් කියන මහත් හඬක් මට ඇසුණේය.