ඔව්හු යෙරිකෝවේ නැවතී සිටි ඔහු ළඟට හැරී ආවෝය; ඔහුද: නොයන්නැයි මා නුඹලාට කීවා නොවේදැයි ඔවුන්ට කීවේය.
ඔහුද: අරින්ට එපායයි කීය. නුමුත් ඔහු ඛේදයට පත්වෙන තුරුම ඔවුන් ඔහුට කරදරකළ බැවින්: හරින්නැයි ඔහු කීවේය. එවිට ඔව්හු මනුෂ්‍යයන් පනස්දෙනෙකු හැරියෝය; ඔවුන් තුන් දවසක් සෙවූ නුමුත් ඔහු සම්බනූණේය.
ඒ නුවර මනුෂ්‍යයෝ එලිෂාට කථාකොට: මෙන්න, මාගේ ස්වාමියාට පෙනෙන හැටියට මේ නුවර පිහිටා තිබෙන ස්ථානය ප්‍රසන්නය. නුමුත් වතුර නරකය, පොළොවත් වඳ වෙන්ට සලස්වනවායයි කීවෝය.
උන්වහන්සේ යෙරිකෝවට ඇතුල්ව ඒ මැදින් යද්දී,