එබැවින් ස්වාමීන්වහන්සේ අෂූර්හි රජු ගැන මෙසේ කියනසේක: අෂූර්හි රජ මේ නුවරට ඇතුල්වෙන්නේවත් ඊගහක් ඊට විදින්නේවත් ඒ ඉදිරිපිටට පලිහක් රැගෙන එන්නේවත් ඊට විරුද්ධව ගොඩැල්ලක් නගන්නේවත් නැත.
ඔව්හු ඇවිත් බෙත්-මයකාහි ආබෙල් වටලාගන නුවර ඉදිරිපිට ගොඩැල්ලක් ඉදිකළෝය; එය පවුර ඉදිරිපිට තිබුණේය. යෝවාබ් සමඟ සිටි මුළු සෙනඟද පවුර හෙළාදමන්ට ඊට පහරදුන්නෝය.
යුද්ධ යන්ත්‍ර තබන්ටත් මරාදැමීමට මුඛය හැර ඝෝෂා කිරීමෙන් ශබ්දනගන්ටත් දොරටුවලට විරුද්ධව යුද්ධ යන්ත්‍ර තබන්ටත් ගොඩැලි සාදන්ටත් කොටු ගොඩනගන්ටත් යෙරුසලම ගැන ඔහුගේ දකුණතට පේන–ඊගස වැටුණේය.