2 රාජාවලිය 18:4Sinhala Revised Old Versionඔහු උස් තැන් පහකර, රූපස්තම්භ කඩා, අෂේරා කණු කපාදමා, මෝසෙස් විසින් සෑදූ පිත්තල සර්පයාත් කැබලිකොට දැමුවේය; මක්නිසාද ඒ දවස් දක්වා ඉශ්‍රායෙල් පුත්‍රයෝ ඊට සුවඳ දුම් ඔප්පුකළෝය; ඔහු ඊට නෙහුෂ්තාන්යයි නම් තැබුවේය. පරිච්ඡේදය බලන්න |
ආහාස් රජ පූජකවූ උරියාට අණකරමින්: උදේ දවන පූජාවත් සවස ආහාර පූජාවත් රජුගේ දවන පූජාවත් ඔහුගේ ආහාර පූජාවත් දේශයේ මුළු සෙනඟගේ දවන පූජාවත් සවස ඔවුන්ගේ ආහාර පූජාවත් ඔවුන්ගේ පාන පූජාවලුත් මහත් පූජාසනය පිට දවා දවන පූජාවේ සියලු ලේත් පූජාවේ සියලු ලේත් ඊ පිට ඉසින්න. පිත්තල පූජාසනය වනාහි මා විසින් විභාගකරන පිණිස වන්නේයයි කීය.