හෙසකියා රජුගේ දහහතරවෙනි අවුරුද්දේදී අෂූර්හි රජවූ සෙනකෙරිබ් යූදාහි රජවරුන්ගේ නුවරවලට විරුද්ධව ඇවිත් ඒවා අල්වාගත්තේය.
අහෝ මාගේ උදහස නැමැති පොල්ලවූද මාගේ කෝපය නැමති සැරයටිය ස්වකීය අතෙහි ඇත්තාවූද අෂූරියය!
නුඹ ගොස් හෙසකියාට මෙසේ කියන්න–නුඹේ පියා වන දාවිත්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: මම නුඹේ යාච්ඤාව ඇසීමි, නුඹේ කඳුළු දුටිමි. නුඹේ වයසට අවුරුදු පහළොහක් එකතුකරන්නෙමි.
ඉන්නිසා මම වැලපී කෑගසන්නෙමි, වස්ත්‍ර ගළවා නිර්වස්ත්‍රව යන්නෙමි. සිවලුන් මෙන් විලාපයක් කරන්නෙමි, පැස්බරුන් මෙන් වැලපෙන්නෙමි.
මක්නිසාද ඇගේ තුවාල අසාධ්‍යව තිබේ. එය යූදා දක්වාත් පැමුණුණේය; මාගේ සෙනඟගේ දොරටුව දක්වාම යෙරුසලම ළඟටම ආයේය.