මෙසේ ඔවුන් සමාරියෙන් ගෙනගිය පූජකයන්ගෙන් එක්කෙනෙක් ඇවිත් බෙතෙල්හි වාසයකොට, ස්වාමීන්වහන්සේ කෙරෙහි භයවිය යුතු අන්දම ඔවුන්ට ඉගැන්නුවේය.
එවිට අෂූර්හි රජ අණකරමින්: නුඹලා එතැනින් ගෙනා පූජකයන්ගෙන් එක්කෙනෙකු එහි කැඳවාගෙන යන්න. ඔහු ගොස් එහි වාසයකරමින් ඒ දේශයේ දෙවියන්ගේ විධිය ඔවුන්ට උගන්වා දේවයි කීවේය.
එසේ වුවත් ඒ ඒ ජාතීහු තම තමුන්ගේ දෙවිවරුන් සාදාගෙන, ඒ ඒ ජාතීන් විසූ නුවරවල තිබුණාවූ උස් තැන්හි ගෘහවල ඒවා තැබුවෝය.
ස්වාමීන්වහන්සේ කථාකොට: මේ සෙනඟ තමුන්ගේ මුඛයෙන් ළංවී තමුන්ගේ තොල්වලින් මට ගෞරවකරන නුමුත්, ඔවුන්ගේ සිත මාගෙන් දුරුකරගත් බැවින්ද, මා කෙරෙහි තිබෙන ඔවුන්ගේ භය මනුෂ්‍යයන්ගෙන් ඉගෙනගත් ආඥාවක්ව තිබෙන බැවින්ද,
ඔහුද: මම හෙබ්‍රෙව්වෙක්ය; මම වනාහි මුහුදත් ගොඩබිමත් මැවුවාවූ ස්වර්ගයේ දෙවිවූ ස්වාමීන්වහන්සේ අදහමියි ඔවුන්ට කීය.
ඔව්හු නිකම් සිටිත්වා. ඔව්හු මග පෙන්වන අන්ධයෝය. අන්ධයෙක් අන්ධයෙකුට මග පෙන්වමින් යතොත් දෙදෙනාම වළක වැටෙනවා ඇතැයි කීසේක.
නුඹලා නමස්කාරකරන්නේ නොදන්නා දේටය. අපි දන්නා දේට නමස්කාරකරමුව. මක්නිසාද ගැළවීම යුදෙව්වරුන්ගෙන්ය.