Biblia Todo Logo
හුවමාරු යොමු
- දැන්වීම් -



2 රාජාවලිය 17:15

Sinhala Revised Old Version

උන්වහන්සේගේ පනත්ද ඔවුන්ගේ පියවරුන් සමඟ කළාවූ උන්වහන්සේගේ ගිවිසුමද ඔවුන්ට උන්වහන්සේ දුන්නාවූ උන්වහන්සේගේ අවවාදවල්ද ඔවුන් එපාකර, නිස්සාරකම අනුව ගොස්, නිස්සාරකම් කරමින්, ඔවුන් වටකර සිටි ජාතීන් මෙන් නොකරන හැටියට ස්වාමීන්වහන්සේ ඔවුන්ට අණ කළ නුමුත්, ඒ ජාතීන් අනුව ගියෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

40 හුවමාරු යොමු  

එබැවින් ස්වාමීන්වහන්සේ සාලමොන්ට කථාකොට: නුඹ මාගේ ගිවිසුමද මා නුඹට අණකළ මාගේ පනත්ද නොපවත්වා මෙසේ කළ බැවින්, මම සැබවින්ම රාජ්‍යය නුඹෙන් උදුරා නුඹේ මෙහෙකරුවාට දෙන්නෙමි.

ඉශ්‍රායෙල්ට කරන්ට සැළැස්සුවාවූද ඔවුන්ගේ සියලු පාපවල් නිසා ස්වාමීන්වහන්සේ අනාගතවක්තෘවූ යේහු ලවා බාෂාට විරුද්ධව කියෙවූ උන්වහන්සේගේ වචනයේ හැටියටය.

ස්වාමීන්වහන්සේ ඉශ්‍රායෙල් පුත්‍රයන් ඉදිරියෙන් පන්නා දැමූ ජාතීන්ගේ පනත්වලද ඉශ්‍රායෙල් රජුන් සාදාගත් පනත්වලද හැටියට හැසුරුණු නිසාය.

නුමුත් ඔවුන් ස්වාමීන්වහන්සේ වෙතට හරවන පිණිස උන්වහන්සේ ප්‍රොපේතවරුන් ඔවුන් අතරට එවූ සේක; ඒ ප්‍රොපේතවරුන් ඔවුන්ට අවවාදකළ නුමුත් ඔව්හු ඇහුම්කන් නුදුන්නෝය.

ස්වාමීන්වහන්සේ ඉශ්‍රායෙල් පුත්‍රයන් ඉදිරියෙන් පන්නාදැමූ ජාතීන්ගේ පිළිකුල්වල හැටියට ඔහු ස්වාමීන්වහන්සේගේ ඇස් හමුවෙහි නපුරුව තිබුණු දේ කෙළේය.

නුමුත් ස්වාමීන්වහන්සේ ඉශ්‍රායෙල් පුත්‍රයන් ඉදිරියෙන් විනාශකරදැමූ ජාතීන්ට වඩා නපුරුකම් කරන හැටියට මනස්සේ යූදාවරුන්ද යෙරුසලමේ වැසියන්ද මුළාකෙළේය.

එසේ වී නුමුත් ඔව්හු අකීකරුව ඔබට විරුද්ධව කැරළිගසා, ඔබගේ ව්‍යවස්ථාව තමුන් පිටිපස්සට දමා, ඔබ වෙතට ඔවුන් හරවාගන්ට ඔවුන්ට අවවාදකළ ඔබගේ ප්‍රොපේතවරුන් මරා, මහත් දේව අපහාසයන් කළෝය.

ඒවා සාදන්නොත් ඒවා කෙරෙහි විශ්වාස තබන සියල්ලොත් ඒවාට සමානවන්නෝය.

ඔව්හු දෙවියන්වහන්සේගේ ගිවිසුම රක්ෂා නොකළෝය, උන්වහන්සේගේ ව්‍යස්ථාව ලෙස හැසිරෙන්ට නොකැමැතිවූවෝය;

ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට: නුඹලා මාගේ ආඥාද ව්‍යවස්ථාද පවත්වන්ට කොපමණ කල් අකැමැතිව සිටිනවාද?

ඒවා තුළ හුස්ම නැත. ඒවා නිෂ්ඵලකමය, මායාවේ වැඩක්ය. ඒවාට දඬුවම් කරන කාලයේදී ඒවා විනාශවන්නේය.

ඔව්හු ඒකාකාරයෙන් මූඪව අඥානව සිටිති. ඒ පිළිමයන්ගේ ධර්මය, ලීයක් සමානය.

ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: නුඹලාගේ පියවරුන් මා වෙතින් ඈත්වී දේවරූප පස්සේ ගොස් නිෂ්ඵලකම් කළේ මා තුළ මොන අධර්මිෂ්ඨකමක් සම්බවූ නිසාද?

ඒ වනාහි මිසර දේශයෙන් ඔවුන්ගේ පියවරුන් ගෙනෙන පිණිස මා ඔවුන්ගේ අත ඇල්ලූ දවසේදී ඔවුන් සමඟ කළ ගිවිසුම වාගේ නොවේය; මම ඔවුන්ට ස්වාමිපුරුෂයෙක්ව සිටියෙම් නුමුත් ඔව්හු ඒ මාගේ ගිවිසුම කඩකළෝයයි ස්වාමීන්වහන්සේ කියනසේක.

එසේ නුඹලාගේ ක්‍රියාවල නපුරුකම නිසාත් නුඹලා කළ පිළිකුල්කම් නිසාත් ස්වාමීන්වහන්සේට තවත් ඉවසන්ට බැරි විය; එබැවින් නුඹලාගේ දේශය, අද තිබෙන හැටියට වැසියෙක් නැතුව පාළුවක්ද විස්මයක්ද ශාප-වචනයක්ද වී තිබේ.

නුඹලා ස්වාමීන්වහන්සේගේ හඬට කීකරු නොවී, උන්වහන්සේගේ ව්‍යවස්ථාවේද නියෝගවලද ශික්ෂාවලද හැටියට නොහැසිර, සුවඳ දුම් ඔප්පුකළ නිසාත්, ස්වාමීන්වහන්සේට විරුද්ධව පව්කළ නිසාත්, අද තිබෙන හැටියට මේ මුළු විපත්තිය නුඹලාට පැමිණ තිබේයයි කීවේය.

මමද: අහෝ මා ද්වේෂකරන ඔය පිළිකුල් දෙය නොකරන්නැයි කියන්ට ප්‍රොපේතවරුන් වන මාගේ සියලු සේවකයන් අලුයම් වේලාවේ පටන්ම නුඹලා ළඟට එවුවෙමි.

නුඹලා සිඳදමනු ලබන හැටියටත්, පොළොවේ සියලු ජාතීන් අතරේ ශාප-වචනයක්ද නින්දාවක්ද වෙන හැටියටත්, නුඹලා පොරොත්තුව සිටීමට ආවාවූ මිසර දේශයේදී අන් දෙවිවරුන්ට සුවඳ දුම් ඔප්පුකිරීමෙන් නුඹලාගේ අත්වල ක්‍රියාවලින් කුමක් නිසා මා කෝපකරන්නහුද?

එහෙත් ඔව්හු මාගේ බස් අසන්නේවත් තමුන්ගේ කන් යොමුකරන්නේවත් නැතුව, තමුන්ගේ කුළල් තදකරගෙන, තමුන්ගේ පියවරුන්ට වඩා නපුරුකම් කළෝය.

ප්‍රඥාවන්තයෝ ලජ්ජාවට පැමිණ කැලඹී අසුවුණෝය. මෙන්න, ඔව්හු ස්වාමීන්වහන්සේගේ වචනය එපාකළෝය; ඔවුන් තුළ ඇති ප්‍රඥාව කුමක්ද?

මනුෂ්‍ය පුත්‍රය, නුඹ වාසයකරන්නේ කැරළිකාර වංශයක් අතරෙහිය, දැකීමට ඔවුන්ට ඇස් තිබෙන නුමුත් ඔවුන්ට පෙනෙන්නේ නැත. ඇසීමට ඔවුන්ට කන් තිබෙන නුමුත් ඔවුන්ට ඇසෙන්නේ නැත; මක්නිසාද ඔව්හු කැරළිකාර වංශයක්ය.

උන්වහන්සේද: මනුෂ්‍ය පුත්‍රය, මට විරුද්ධව කැරළිගැසුවාවූ කැරළිකාර ජාතීන් වන ඉශ්‍රායෙල් පුත්‍රයන් වෙතට නුඹ යවමි. ඔව්හුද ඔවුන්ගේ පියවරුද අද දවස දක්වාම මට විරුද්ධව ද්‍රෝහිකම්කළෝය.

මාගේ පනත් ප්‍රතික්ෂේප කරන්නහුනම්, නුඹලාගේ ප්‍රාණය මාගේ විනිශ්චයයන් පිළිකුල්කරන්නේනම්, එසේ මාගේ සියලු ආඥා නොපවත්වා මාගේ ගිවිසුම් කඩකරන්නහුනම්,

බොරු නිරර්ථක දේවල් සලකන්නෝ තමුන්ගේම රක්ෂස්ථානය හැර දමති.

උන්වහන්සේද: ඉතින් එයින් අරන් මංගල්‍යයේ ප්‍රධානියා ළඟට ගෙනියන්නැයි ඔවුන්ට කීසේක. ඔව්හු ගෙනගියෝය.

ඉතින් දේවතාවන්ට පුදනලද කෑම ගැන වනාහි, දේවතාවෙක් ලෝකයෙහි කිසිත් නැති බවත්, එකම දෙවිකෙනෙක් මිස අන් දෙවිකෙනෙක් නැති බවත් දනිමුව.

තමාගේ පුත්‍රයා හෝ දුව හෝ ගිනි මැදින් යවා පූජාකරන කෙනෙක්වත් පේනකියන්නෙක්වත් නිමිති බලන්නෙක්වත් ශාස්ත්‍ර කියන්නෙක්වත් මායාකාරයෙක්වත්,

මේ දේශයට ස්වාමීන්වහන්සේ මෙසේ කළේ මක්නිසාද? මේ මහත්වූ උදහසේ බලවත්කමට කාරණය කිමෙක්දැයි කියනවා ඇත.

දෙවි නොවන්නන් කරණකොටගෙන ඔව්හු මා කෝපකළෝය; තමුන්ගේ නිෂ්ඵලකම්වලින් මා උදහස් කළෝය. මමද සෙනඟක් නොවන්නන් කරණකොටගෙන ඔවුන් කෝපකරවන්නෙමි; අඥාන ජාතියක් ලවා ඔවුන් උදහස් කරවන්නෙමි.

අපේ සතුරන්ගේ විනිශ්චයේ හැටියට පවා, ඔවුන්ගේ පර්වතය අපේ පර්වතයමෙන් නොවේ.

එසේ ගියොත් පිහිටවෙන්ටවත් ගළවන්ටවත් නොහැකිවූ නිරර්ථක දේ අනුව යන්නෝ වන්නහුය. මක්නිසාද ඒවා නිරර්ථක දේවල්මය.




අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්