Biblia Todo Logo
හුවමාරු යොමු
- දැන්වීම් -



2 රාජාවලිය 17:13

Sinhala Revised Old Version

එහෙත් ස්වාමීන්වහන්සේ තමන්ගේ සියලු ප්‍රොපේතවරුන්ද දර්ශකයන්ද ලවා ඉශ්‍රායෙල්වරුන්ටත් යූදාවරුන්ටත් අවවාද කරවමින්: නුඹලාගේ නපුරු මාර්ගවලින් අහක්වී, නුඹලාගේ පියවරුන්ට මා අණකළාවූ, මාගේ සේවකයන්වූ ප්‍රොපේතවරුන් අත නුඹලාට එවුවාවූ මාගේ මුළු ව්‍යවස්ථාවේ හැටියට මාගේ ආඥා පවත්වන්නැයි කීසේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

47 හුවමාරු යොමු  

එවිට ස්වාමීන්වහන්සේගේ වචනය බාෂාට විරුද්ධව හනානීගේ පුත්‍රවූ යේහු වෙතට පැමිණ කථාකොට:

ඇරත් හනානීගේ පුත්‍රවූ යේහු අනාගතවක්තෘ අතින් ස්වාමීන්වහන්සේගේ වචනය බාෂාටත් ඔහුගේ වංශයටත් විරුද්ධව පැමුණුණේ ඔහු යෙරොබොවම්ගේ වංශයට සමානවෙන හැටියට තමාගේ අත් වැඩවලින් ස්වාමීන්වහන්සේ කෝපකරවමින් උන්වහන්සේගේ ඇස් හමුවෙහි කළාවූ සියලු නපුරුකම් නිසාත් ඔහු ඒ වංශය නැසූ නිසාත්ය.

මෙසේ ඉශ්‍රායෙල්වරු තමුන්ගේ දේශයෙන් අෂූර්ට ගෙනයන ලදුව අද දක්වා එහි සිටිති.

ඔහු ස්වාමීන්වහන්සේට ඇලුම්ව සිට, උන්වහන්සේ අනුව යාම අත්නොහැර, ස්වාමීන්වහන්සේ විසින් මෝසෙස්ට අණකළ උන්වහන්සේගේ ආඥා රක්ෂාකෙළේය.

ස්වාමීන්වහන්සේ තමන් මෙහෙකරුවූ අනාගතවක්තෘන් ලවා කථාකරවා:

මුල පටන් අන්තිම දක්වා දාවිත් රජුගේ කාරණා එනම් ඔහුගේ මුළු රජකමද බලවන්තකම්ද ඔහුටත් ඉශ්‍රායෙල්වරුන්ටත්

එවිට නුඹ නුඹේ සිත හරි ආකාර යොමුකොට උන්වහන්සේ දෙසට නුඹේ අත් දිගු කළොත්,

දැනමුතුකමට ඔවුන්ගේ කන් අරවා, අයුතුකමෙන් හැරෙන්ට කියා ඔවුන්ට අණකරනසේක.

එම්බා, මාගේ සෙනඟෙනි, අසව්, මම කථාකරන්නෙමි; එම්බා, ඉශ්‍රායෙල්, නුඹට විරුද්ධව සාක්ෂි දෙන්නෙමි. මම දෙවියන්වහන්සේය, එසේය, නුඹේ දෙවියන්වහන්සේය.

මක්නිසාද මා විසින් නුඹලාගේ පියවරුන් මිසර දේශයෙන් ගෙනාදා පටන් අද දක්වා මම අලුයම් වේලාවේ පටන්ම ඔවුන්ට අවවාදකර–නුඹලා මාගේ හඬට කීකරුවෙන්නැයි අවවාදකරමින් කීවෙමි.

එබැවින් නුඹ යූදා මනුෂ්‍යයන්ටත් යෙරුසලමේ වැසියන්ටත් කථාකොට: මම නුඹලාට විරුද්ධව විපත්තියක් යොදමින්ද නුඹලාට විරුද්ධව යෝජනාවක් යෝජනාකරමින්ද සිටිමි. ඉතින් නුඹලා එකිනෙකා තම තමාගේ නපුරු මාර්ගයෙන් හැරී, නුඹලාගේ මාර්ගවල්ද ක්‍රියාවල්ද හරිගස්සගන්නය කියා ස්වාමීන්වහන්සේ කියනසේකැයි කියන්න.

ඔහු මෙසේ කීය: ආමොන්ගේ පුත්‍රවූ යූදාහි රජවූ යොෂියාගේ දහතුන්වෙනි අවුරුද්දේ පටන් අද දක්වා මේ අවුරුදු විසිතුනේම ස්වාමීන්වහන්සේගේ වචනය මා වෙතට පැමිණියේය, මමද අලුයම නැගිට නුඹලාට කථාකෙළෙමි; එහෙත් නුඹලා ඇහුම්කන් දුන්නේ නැත.

ඈ ඒ සියල්ල කළායින් පසු: ඈ මා වෙතට හැරීඑනවා ඇතැයි කීවෙමි; නුමුත් ඈ හැරී ආවේ නැත. ඇගේ ද්‍රෝහිකාර සහෝදරීවූ යූදා එය දුටුවාය.

එක එකා තම තමාට විකුණනු ලැබ හය අවුරුද්දක් තමාට වැඩකළාවූ තමාගේ සහෝදරවූ හෙබ්‍රෙවුවා අවුරුදු හතක කෙළවරේදී තමා වෙතින් නිදහස්කර හැරිය යුතුයයි කීවෙමි. එහෙත් නුඹලාගේ පියවරු මට ඇහුම්කන්දුන්නේවත් තමාගේ කන් යොමුකළේවත් නැත.

මාගේ සියලු සේවකයන්වූ අනාගතවක්තෘවරුන් නුඹලා ළඟට එවීමි; අලුයම් වේලාවේ පටන්ම එවා: නුඹලා එකිනෙකා තම තමාගේ නපුරු මාර්ගයෙන් හැරී, අන් දෙවිවරුන්ට සේවයකරන්ට ඔවුන් පස්සේ නොගොස්, නුඹලාගේ ක්‍රියා හරිගස්සාගන්න, එවිට නුඹලාටත් නුඹලාගේ පියවරුන්ටත් මා විසින් දුන් දේශයෙහි නුඹලා වාසයකරන්නහුයයි කීවෙමි. එහෙත් නුඹලා කන් යොමුකළේවත් මට ඇහුම්කන්දුන්නේවත් නැත.

යූදාහි ඉතිරිව සිටින ජනයෙනි, ස්වාමීන්වහන්සේ නුඹලා ගැන කථාකළසේක. මිසරයට නොයන්න; මා අද නුඹලාට අවවාදකළ බව හොඳාකාරයෙන්ම දැනගන්න.

නුඹලා කළ නුඹලාගේ සියලු වරද නුඹලා වෙතින් අහක දමා, අලුත් සිතක්ද අලුත් ආත්මයක්ද නුඹලාටම සාදාගන්න. ඉශ්‍රායෙල් වංශය නුඹලා නසින්නේ මක්නිසාද?

නුමුත් නුඹ දුෂ්ටයාට අවවාදකළාම ඔහු තමාගේ දුෂ්ටකමෙන්ද තමාගේ දුෂ්ට මාර්ගයෙන්ද නොහැරෙන්නේ නම්, ඔහු තමාගේ අයුතුකමෙහි නසිනවා ඇත; නුමුත් නුඹ නුඹේ ප්‍රාණය ගළවාගත්තෙහිය.

අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ප්‍රොපේතවරුන් වන තමන් මෙහෙකරුවන් ලවා අප ඉදිරියෙහි තැබූ උන්වහන්සේගේ ව්‍යවස්ථාවල ප්‍රකාරයට හැසිරෙන ලෙස අපි උන්වහන්සේගේ හඬට කීකරු නොවීමුව.

ඔවුන් කැඳවූ පමණටම ඔව්හු ඔවුන් වෙතින් ඉවත්ව ගියෝය. ඔව්හු බාල් දේවතා වුන්ට යාගකළෝය, කැපූරූපවලට සුවඳ දුම් ඔප්පුකළෝය.

ඇරත් මම ප්‍රොපේතවරුන්ට කථාකොට, මමම බොහෝ දර්ශන පෙන්වා, ප්‍රොපේතවරුන් කරණකොටගෙන උපමා භාවිතාකෙළෙමි.

ගිලියද් අයුතුකමද? ඔව්හු සහමුලින්ම නිෂ්ඵලකමය; ඔව්හු ගිල්ගල්හිදී ගොනුන් පූජාකරති. එසේය, ඔවුන්ගේ පූජාසනද කෙතේ හීවිටි පිට තිබෙන ගල්ගොඩවල් මෙන්ය.

ඉශ්‍රායෙල්, නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ වෙතට හැරී එන්න; මක්නිසාද නුඹේ අයුතුකම නිසා නුඹ වැටී ඉන්නෙහිය.

එම්බා ඉශ්‍රායෙල්, නුඹ වේශ්‍යාකම්කරන නුමුත් යූදා වරද නොකෙරේවා. ගිල්ගල්ට නොපැමිණෙන්න, බෙතාවෙන්ට නොයන්න, ස්වාමීන්වහන්සේ ජීවමාන බව සැබෑවා සේම කියා නොදිවුරන්න.

දෙවියන්වහන්සේ කෙරෙහි පසුතැවිල්ලත් අපගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ලත් ගැන යුදෙව්වරුන්ට හා ග්‍රීක්වරුන්ට සාක්ෂිදුනිමි.

එසේ ඔවුන් පිටට බොහෝ විපත්තිද දුක්ද පැමිණි කල්හි, මේ ගීතිකාව ඔවුන්ගේ දරුමුණුබුරන්ගේ මුඛවලින් පහවී නොයන බැවින් මෙය ඔවුන්ට උත්තර දෙන සාක්ෂිකාරයෙකු මෙන් සාක්ෂිදරනවා ඇත. මක්නිසාද මා විසින් දිවුළ දේශයට ඔවුන් පමුණුවන්ට මත්තෙන් දැන් පවා ඔවුන් කරන ඔවුන්ගේ යෝජනාව දනිමියි කීසේක.

නුඹලා හිමිකරගන්ට යොර්දානෙන් එතරට යන දේශය මතු පිටින් නුඹලා ඉක්මනට සහමුලින් විනාශවෙන බවට අද දවසේ නුඹලාට විරුද්ධව සාක්ෂි පිණිස අහසටද පොළොවටද හඬගසමි; එහි නුඹලාගේ දවස් වැඩිනොවී, නුඹලා සහමුලින්ම විනාශ වන්නහුය.

තවද නුඹ නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ සිහිනැති කොට අන් දෙවිවරුන් පස්සේ ගොස්, ඔවුන්ට සේවය කොට නමස්කාරකරන්නෙහිනම්, නුඹලා සැබවින් විනාශ වෙන බවට අද මම නුඹලාට විරුද්ධව සාක්ෂිදෙමි.

නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹලාට දී තිබෙන මේ යහපත් දේශය මතුපිටින් නුඹලා විනාශවීයන තුරු, සියලු නරක දේවල් නුඹලා පිටට පමුණුවනවා ඇත. මෙසේ ස්වාමීන්වහන්සේගේ උදහස නුඹලාට විරුද්ධව ඇවිළෙන්නේය, උන්වහන්සේ නුඹලාට දී තිබෙන යහපත් දේශය මතුපිටින් ඉක්මනින් නුඹලා නැතිකර දමනවා ඇතැයි කීවේය.

ප්‍රමාදයයි සමහරුන් සලකන හැටියට ස්වාමීන්වහන්සේ තමන්ගේ පොරොන්දුව ගැන ප්‍රමාද නොවනසේක; නුමුත් සියල්ලන්ම පසුතැවිලිවෙනවාට මිස කිසිවෙක් විනාශවෙනවාට උන්වහන්සේ නොකැමැතිව, නුඹලා කෙරෙහි බොහෝ කල් ඉවසනසේක.

මම නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේය කියාද නුඹලා වාසයකරන දේශයේ සිටි අමෝරිවරුන්ගේ දෙවිවරුන්ට භයනොවන්න කියාද නුඹලාට කීයෙමි. එහෙත් නුඹලා මාගේ හඬට ඇහුම්කන් දුන්නේ නැතැයි කියනසේකැයි කීවේය.

ස්වාමීන්වහන්සේ ප්‍රොපේත කෙනෙකු ඉශ්‍රායෙල් පුත්‍රයන් වෙතට එවූසේක. ඔහු ඔවුන්ට කථාකොට: ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක–මම නුඹලා මිසරයෙන් ගෙනැවිත්, නුඹලා වහල්කමේ ගෙයින් පිටතට පැමිණෙවුවෙමි;

(පෙර කාලයේදී ඉශ්‍රායෙල්හි මනුෂ්‍යයෙක් දෙවියන්වහන්සේගෙන් විචාරන්ට යන විට: දිවස් ඇත්තා ළඟට යමුයයි කියන්නේය. මක්නිසාද දැන් අනාගතවක්තෘය කියන තැනැත්තාට පෙර කාලයේදී දිවස් ඇත්තායයි කීවෝය.)




අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්