තවද ආහාස් රජ අෂූර්හි රජු නිසා මැහිවල පනේල කපා දමා ඒවා උඩ තිබුණු භාජනය අහක් කෙළේය; මුහුද යට තිබුණු පිත්තල ගවයන්ගේ පිටෙන් මුහුද බස්වා ගල් අතුළ බිමක තැබුවේය.
ආහාස් රජු අණකළ සියල්ල ලෙස පූජකවූ උරියා කෙළේය.
සබත් දවසේ යාම පිණිස ගෘහයෙහි සාදා තිබුණ ඇහුරූ මාර්ගයද රජුට ඇතුල්වීමට තිබුණු පිට ස්ථානයද ඔහු ස්වාමීන්වහන්සේගේ ගෘහය දෙසට හරවා තැබීය.
ආහාස් දෙවියන්වහන්සේගේ ගෘහයේ භාණ්ඩ එකතුකර, දෙවියන්වහන්සේගේ ගෘහයේ භාණ්ඩ කැබෙලිකොට කපා, ස්වාමීන්වහන්සේගේ ගෘහයේ දොරවල් වසා, යෙරුසලමේ සියලු මුළුවල පූජාසන සාදාගත්තේය.
ඇරත් ආහාස් රජු රජකම්කරන කල තමාගේ ද්‍රෝහිකමේදී අහකදැමූ සියලු භාණ්ඩත් අපි සූදානම්කර පවිත්‍රකෙළෙමුව; ඒවා ස්වාමීන්වහන්සේගේ පූජාසනය ඉදිරිපිට තිබේයයි කීවෝය.
සාලමොන් රජ ස්වාමීන්වහන්සේගේ ගෘහයට සෑදූ කුළුනු දෙකත් එක මුහුදත් මැසි යට තිබුණු පිත්තල ගව රූප දොළොසත් යන සියලු භාණ්ඩයන්හි පිත්තලවල බර ගණනක් නැතුව තිබුණේය.