ඔහු තමාගේ දවන පූජාවත් ආහාර පූජාවත් දවා, තමාගේ පාන පූජාව වත්කොට, තමාගේ ශාන්ති පූජාවල ලේ පූජාසනය පිට ඉස්සේය.
රජ දමස්කයෙන් ඇවිත් ඒ පූජාසනය දැක ඊට ළංව ඒ පිට පූජාකෙළේය.
ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි තිබුණු පිත්තල පූජාසනය වූකලී ගෘහය ඉදිරියෙන් එනම් තමාගේ පූජාසනයටත් ස්වාමීන්වහන්සේගේ ගෘහයටත් අතරෙන් අහක් කොට තමාගේ පූජාසනයට උතුරු පැත්තේ තැබුවේය.