උස්සියාගේ පුත්‍රවූ යෝතාම්ගේ විසිවෙනි අවුරුද්දේදී ඒලාගේ පුත්‍රවූ හෝෂෙයා රෙමලියාගේ පුත්‍රවූ පෙකාට විරුද්ධව කුමන්ත්‍රණයකොට, ඔහුට පහරදී මරා ඔහු වෙනුවට රජවුණේය.
යාබෙෂ්ගේ පුත්‍රවූ ෂල්ලුම් ඔහුට විරුද්ධව කුමන්ත්‍රණයකොට සෙනඟ ඉදිරියේ ඔහුට පහරදී මරා, ඔහු වෙනුවට රජවුණේය.
ඔහුගේ රථාධිපතියාවූ රෙමලියාගේ පුත්‍රවූ පෙකා ඔහුට විරුද්ධව කුමන්ත්‍රණයකොට ගිලියද්වරුන්ගේ පුත්‍රයන්ගෙන් මනුෂ්‍යයන් පනස්දෙනෙකුන් කැඳවාගෙන ඇවිත්, සමාරියෙහි රජගෙයි බලකොටුවේදී ඔහුටත් අර්ගොබ්ටත් අරියාටත් පහරදී මරා ඔහු වෙනුවට රජ වුණේය.
ඉශ්‍රායෙල් රජවූ පෙකාගේ කාලයේදී අෂූර්හි රජවූ තිග්ලත්-පිලෙසෙර් ඇවිත් ඊයෝන්ද ආබෙල්-බෙත්-මයකාද යනෝවාද කෙදෙෂ්ද හාශෝර්ද ගිලියද්ද ගලීලයද එනම් මුළු නප්තලී දේශයද අල්ලාගෙන දේශවාසීන් අෂූර්ට ගෙන ගියේය.
පෙකාගේ අනික් ක්‍රියාද ඔහු කළ සියල්ලද ඉශ්‍රායෙල් රජුන්ගේ ලේකම් පොතේ ලියා තිබේ.
රෙමලියාගේ පුත්‍රවූ පෙකාගේ දහහත්වෙනි අවුරුද්දේදී යූදාහි රජවූ යෝතාම්ගේ පුත්‍රවූ ආහාස් රජවුණේය.
යූදාහි රජවූ ආහාස්ගේ දොළොස් වෙනි අවුරුද්දේදී ඒලාගේ පුත්‍රවූ හෝෂෙයා සමාරියෙහි ඉශ්‍රායෙල්වරුන් කෙරෙහි රජවී නව අවුරුද්දක් රජකම්කෙළේය.
ඒ කාලයෙහි ආහාස් රජ තමාට උපකාරකරන්ට කියා අෂූර්හි රජුන් වෙතට පණිවිඩයක් ඇරියේය.
මක්නිසාද දරුවා නපුර එපාකොට යහපත තෝරාගැනීම දැනගන්ට පළමුවෙන් නුඹ භයවෙන රජවරුන් දෙදෙනාගේ දේශය අත්හරිනු ලබන්නේයයි කීවේය.
මේ සෙනඟ හෙමින් බැස යන්නාවූ ෂිලොවාහි ජලය එපාකොට රෙශීන්ද රෙමලියාගේ පුත්‍රයාද කෙරෙහි ප්‍රීතිවන බැවින්,
නුඹලාගේ මහත් නපුරුකම නිසා බෙතෙල් නුඹලාට එසේ කරන්නේය. අලුයම් වේලෙහි ඉශ්‍රායෙල් රජ සහමුලින්ම සිඳිනු ලබන්නේය.
සැබවින් ඔව්හු දැන් කථාකොට: අපට රජෙක් නැත. මක්නිසාද අපි ස්වාමීන්වහන්සේ කෙරෙහි භය නැත්තෙමුව; රජු අපට මක්කරනවා ඇද්දැයි කියන්නෝය.
සමාරියේ රජ වනාහි සිඳිනලද්දේය, ඔහු ජලය මතුපිට තිබෙන පතුරක් මෙන්ය.