Biblia Todo Logo
හුවමාරු යොමු
- දැන්වීම් -



2 රාජාවලිය 15:3

Sinhala Revised Old Version

ඔහු තමාගේ පියවූ අමශියා කළ සියල්ල ලෙස ස්වාමීන්වහන්සේගේ ඇස් හමුවෙහි හරිව තිබුණු දේ කෙළේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

8 හුවමාරු යොමු  

ආසා තමාගේ පියවූ දාවිත් කළ ලෙස ස්වාමීන්වහන්සේගේ ඇස් හමුවෙහි හරිව තිබුණුදේ කෙළේය.

ඔහු දහසය අවුරුදු වයසේදී රජවී යෙරුසලමේ පනස් දෑවුරුද්දක් රජකම්කෙළේය. ඔහුගේ මවුගේ නම යෙකොලියාය, ඈ යෙරුසලමේ ස්ත්‍රීයෙක්ය.

ඔහු ස්වාමීන්වහන්සේගේ ඇස් හමුවෙහි හරිව තිබුණු දේ කරමින් තමාගේ පියවූ උස්සියා කළ සියල්ල ලෙස කෙළේය.

එසේ වුවත් උස් තැන් පහ නොකරන ලද්දේය. ඒ වනතෙක් සෙනඟ උස් තැන්වල පූජාකොට සුවඳ ද්‍රව්‍ය දැවුවෝය.

උස්සියා දහසය අවුරුදු වයසේදී රජවී යෙරුසලමෙහි පනස් දෑවුරුද්දක් රජකම්කෙළේය. ඔහුගේ මවුගේ නම යෙකිලියාය, ඈ යෙරුසලමේ ස්ත්‍රියෙක්ය.

ඔහු මාගේ පියවූ අමශියා කළ සියල්ල ලෙස ස්වාමීන්වහන්සේගේ ඇස් හමුවෙහි හරිව තිබුණු දේ කෙළේය.




අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්