ඔහු ස්වාමීන්වහන්සේගේ ඇස් හමුවෙහි නපුරුව තිබුණු දේ කෙළේය. ඉශ්‍රායෙල්වරුන්ට පව්කරන්ට සැලැස්සුවාවූ නෙබාත්ගේ පුත්‍රවූ යෙරොබොවම්ගේ පාපවලින් ඔහු තමාගේ සියලු දවස්වල අහක්නොවී සිටියේය.
යෙරොබොවම් කළාවූද ඉශ්‍රායෙල්වරුන්ට කරන්ට සැලැස්සුවාවූද පාපවල් නිසා උන්වහන්සේ ඉශ්‍රායෙල් අත්හැර දමනවා ඇතැයි කීවේය.
එසේවී නුමුත් බෙතෙල්හිද දාන්හිද තිබුණ රන් වස්සන් කරණකොටගෙන ඉශ්‍රායෙල්වරුන්ට පව්කරන්ට සැලැස්සුවාවූ නෙබාත්ගේ පුත්‍රවූ යෙරොබොවම්ගේ පාපවලින් යේහු අහක්නොවීය.
යූදාහි රජවූ අශරියාගේ තිස්නවවෙනි අවුරුද්දේදී ගාදීගේ පුත්‍රවූ මෙනහෙම් ඉශ්‍රායෙල්වරුන් කෙරෙහි රජවී සමාරියේ දස අවුරුද්දක් රජකම් කෙළේය.
අෂූර්හි රජවූ පූල් දේශයට විරුද්ධව ආයේය; මෙනහෙම්ද රජකම තමාගේ අතේ සවිකරගැනීමට පූල් තමාට උදව්වෙන පිණිස රිදී තලෙන්ත දහසක් ඔහුට දුන්නේය.
ඔහු ස්වාමීන්වහන්සේගේ ඇස් හමුවෙහි නපුරුව තිබුණු දේකෙළේය. ඉශ්‍රායෙල්ට පව්කරන්ට සැලැස්සුවාවූ නෙබාත්ගේ පුත්‍රවූ යෙරොබොවම්ගේ පාපවලින් ඔහු අහක්නොවීය.
ඔහු ස්වාමීන්වහන්සේගේ ඇස් හමුවෙහි නපුරුව තිබුණු දේ කෙළේය. ඉශ්‍රායෙල්ට පව්කරන්ට සැලැස්සුවාවූ නෙබාත්ගේ පුත්‍රවූ යෙරොබොවම්ගේ පාපවලින් ඔහු අහක්නොවීය.
ඔහු තමාගේ පියවරුන් කළාක්මෙන් ස්වාමීන්වහන්සේගේ ඇස් හමුවෙහි නපුරුව තිබුණු දේ කෙළේය. ඔහු ඉශ්‍රායෙල්ට පව්කරන්ට සැලැස්සුවාවූ නෙබාත්ගේ පුත්‍රවූ යෙරොබොවම්ගේ පාපවලින් අහක්නූණේය.
ඔහු ස්වාමීන්වහන්සේගේ ඇස් හමුවෙහි නපුරුව තිබුණු දේ කෙළේය, එහෙත් තමාට පළමුවෙන් සිටි ඉශ්‍රායෙල් රජවරුන් මෙන් නොවේය.
ස්වාමීන්වහන්සේද මුළු ඉශ්‍රායෙල් වංශය අත්හැර, ඔවුන්ට පීඩාකොට, ඔවුන් තමන්ගේ ඇස් හමුයෙන් අහක්කරදමන තුරු කොල්ලකාරයන්ගේ අතට ඔවුන් පාවාදුන්සේක.
එසේ වුවත් ඔහු ඉශ්‍රායෙල්ට පව්කරන්ට සැලැස්සුවාවූ නෙබාත්ගේ පුත්‍රවූ යෙරොබොවම්ගේ පාපවලින් අහක්නොවී, ඒවාට ඇලුම්ව සිටියේය.
රජ තෙමේ යුක්තියෙන් දේශය ස්ථිරකරයි; එහෙත් බලෙන් තෑගි ලබාගන්න මනුෂ්‍යයා ඒක පෙරළාදමයි.