Biblia Todo Logo
හුවමාරු යොමු
- දැන්වීම් -



2 රාජාවලිය 14:29

Sinhala Revised Old Version

යෙරොබොවම්ද තමාගේ පියවරුන් වන ඉශ්‍රායෙල් රජුන් සමඟ සැතපුණේය; ඔහුගේ පුත්‍රවූ සෙකරියා ඔහු වෙනුවට රජවුණේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

5 හුවමාරු යොමු  

ස්වාමීන්වහන්සේ යේහුට කථාකොට: නුඹ මාගේ ඇස් හමුවෙහි හරිව තිබෙන දේ කිරීමෙන් යුතුලෙස ක්‍රියාකොට, මාගේ සිතේ තිබුණ සියල්ල ප්‍රකාර ආහබ්ගේ වංශයට කළ බැවින්, නුඹේ පුත්‍රයෝ සතරවෙනි පරම්පරාව දක්වා ඉශ්‍රායෙල් සිංහාසනයෙහි හිඳගන්නෝයයි කීසේක.

යෙරොබොවම්ගේ අනික් ක්‍රියාත් ඔහු කළ සියල්ලත් ඔහුගේ වික්‍රමය එනම් ඔහු යුද්ධකළ හැටිත් යූදාට අයිතිව තිබූ දමස්කයද හමාත්ද ඔහු නැවත ඉශ්‍රායෙල්වරුන්ට ලබාගත් හැටිත් ඉශ්‍රායෙල් රජුන්ගේ ලේකම් පොතේ ලියා තිබෙනවා නොවේද?

ඉශ්‍රායෙල් රජවූ යෙරොබොවම්ගේ විසිහත්වෙනි අවුරුද්දේදී යූදාහි රජවූ අමශියාගේ පුත්‍රවූ අශරියා රජවුණේය.

මෙය වනාහි: නුඹේ පුත්‍රයෝ සතරවෙනි පරම්පරාව දක්වා ඉශ්‍රායෙල් සිංහාසනයෙහි හිඳින්නෝයයි ස්වාමීන්වහන්සේ යේහුට වදාළ වචනයය. එලෙසම සිද්ධවුණේය.

යූදාහි රජවූ අශරියාගේ තිස්අටවෙනි අවුරුද්දේදී යෙරොබොවම්ගේ පුත්‍රවූ ශෙකරියා සමාරියේ ඉශ්‍රායෙල්වරුන් කෙරෙහි හමාසයක් රජකම්කෙළේය.




අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්