රජ තමාගේ පියවරුන් සමඟ සැතපුණු පසු ඔහු ඒලත් ගොඩනගා එය යූදාට නැවත අයිතිකරගත්තේය.
සාලමොන් රජ ඒදොම් දේශයෙහි රතු මුහුද අද්දර ඒලෝත් ළඟ පිහිටි එශීයොන්ගෙබෙර්හි නැව් සෑදෙවුවේය.
එකල යූදාහි මුළු සෙනඟ දහසය අවුරුදු වයස්ව සිටි අශරියා කැඳවාගෙන ඔහුගේ පියවූ අමශියා වෙනුවට රජකමට පත්කළෝය.
යූදාහි රජවූ යෝවාෂ්ගේ පුත්‍රවූ අමශි-යාගේ පසළොස්වෙනි අවුරුද්දේදී ඉශ්‍රායෙල් රජවූ යෝවාෂ්ගේ පුත්‍රවූ යෙරොබොවම් සමාරියෙහි රජ වී සතළිස් එක් අවුරුද්දක් රජකම්කෙළේය.
ඒ කාලයේදී සිරියේ රජවූ රෙශීන් ඒලත් නැවත සිරියට ලබාගන යූදාවරුන් ඒලත් කෙරෙන් පහකරදැමුවේය. සිරියවරු ඒලත්ට ඇවිත් අද දක්වා එහි වසති.
රජු තමාගේ පියවරුන් සමඟ සැතපුණු පසු ඔහු ඒලොත් ගොඩනගා එය යූදාට නැවත අයිතිකරගත්තේය.
එකල සාලමොන් ඒදොම් දේශයේ මුහුදුබඩ තිබෙන එශීයොන්-ගෙබෙර්ටත් ඒලොත්ටත් ගියේය.
මෙසේ අප සේයිර්හි සිටින ඒසව්ගේ පුත්‍රයන් වන අපේ සහෝදරයන් ළඟින් ඒලත් කෙරෙන්ද එශියොන්-ගෙබෙර් කෙරෙන්ද අරබා සමභූමි මාර්ගයෙන් ගියෙමුව. අපි හැරී මෝවබ් කාන්තාර මාර්ගයෙන් ගියෙමු.