Biblia Todo Logo
හුවමාරු යොමු
- දැන්වීම් -



2 රාජාවලිය 14:20

Sinhala Revised Old Version

එහිදී ඔහු මරා අශ්වයන් පිට තබා ගෙනවුත් යෙරුසලමෙහි දාවිත්ගේ නුවර ඔහුගේ පියවරුන් ළඟ තැන්පත්කළෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

10 හුවමාරු යොමු  

සාලමොන් තමාගේ පියවරුන් සමඟ සැතපී තමාගේ පියවූ දාවිත්ගේ නුවර තැන්පත්කරනු ලැබුවේය. ඔහුගේ පුත්‍රවූ රෙහොබොවම් ඔහු වෙනුවට රජවුණේය.

පසුව දාවිත් තමාගේ පියවරුන් සමඟ සැතපී දාවිත්ගේ නුවර තැන්පත්කරනු ලැබීය.

ඔහුගේ සේවකයෝ වන ෂිමෙයාත්ගේ පුත්‍රවූ යෝසාඛාර්ද ෂොමෙර්ගේ පුත්‍රවූ යෙහෝසාබාද්ද ඔහුට පහරදී මැරුවෝය; ඔව්හු ඔහු දාවිත්ගේ නුවර තමාගේ පියවරුන් ළඟ තැන්පත් කළෝය. ඔහුගේ පුත්‍රවූ අමශියා ඔහු වෙනුවට රජවුණේය.

මිනිස්සු ඔහුට විරුද්ධව යෙරුසලමෙහි කුමන්ත්‍රණයක් කළෝය; ඔහු ලාකීෂ්ට පලාගියේය. නුමුත් ඔව්හු ඔහු පස්සේ ලාකීෂ්ට මිනිසුන් යවා,

එකල යූදාහි මුළු සෙනඟ දහසය අවුරුදු වයස්ව සිටි අශරියා කැඳවාගෙන ඔහුගේ පියවූ අමශියා වෙනුවට රජකමට පත්කළෝය.

යෝරාම් තමාගේ පියවරුන් සමඟ සැතපී තමාගේ පියවරුන් සමඟ දාවිත්ගේ නුවර තැන්පත්කරනු ලැබීය. ඔහුගේ පුත්‍රවූ අහසියා ඔහු වෙනුවට රජවුණේය.

ඔහුගේ සේවකයෝ ඔහු රථයකින් යෙරුසලමට ගෙනගොස් දාවිත්ගේ නුවර ඔහුගේ පියවරුන් සමඟ ඔහුගේ සොහොන්ගෙයි තැන්පත්කළෝය.

ඔහු තිස් දෑවුරුදු වයසේදී රජවී අට අවුරුද්දක් යෙරුසලමෙහි රජකම්කෙළේය. ඔහුගේ මරණය ගැන කිසිවෙක් කනගාටුනූණේය; ඔව්හු දාවිත්ගේ නුවර ඔහු තැන්පත් කළෝය, නුමුත් රජවරුන්ගේ සොහොන් ගෙවල්හි නොවේය.

උස්සියා තමාගේ පියවරුන් සමඟ සැතපුණේය; මනුෂ්‍යයෝ ඔහු කුෂ්ඨරෝගියෙක් කියා ඔහුගේ පියවරුන් ළඟ රජවරුන්ගේ සොහොන්පළේ පිට්ටනියෙහි ඔහු තැන්පත්කළෝය. ඔහුගේ පුත්‍රවූ යෝතාම් ඔහු වෙනුවට රජවුණේය.

මෙසේ මනස්සේ තමාගේ පියවරුන් සමඟ සැතපී තමාගේ ගෙයි තැන්පත් කරනු ලැබුවේය. ඔහුගේ පුත්‍රවූ ආමොන් ඔහු වෙනුවට රජවිය.




අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්