Biblia Todo Logo
හුවමාරු යොමු
- දැන්වීම් -



2 රාජාවලිය 14:17

Sinhala Revised Old Version

යෙහෝවාහාස්ගේ පුත්‍රවූ ඉශ්‍රායෙල් රජවූ යෙහෝවාෂ්ගේ මරණයෙන් පසු යෝවාෂ්ගේ පුත්‍රවූ යුදයේ රජවූ අමශියා අවුරුදු පහළොහක් ජීවත්වුණේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

7 හුවමාරු යොමු  

යූදාහි රජවූ යෝවාෂ්ගේ තිස්හත්වෙනි අවුරුද්දේදී යෙහෝවාහාස්ගේ පුත්‍රවූ යෙහෝවාෂ් සමාරියේ ඉශ්‍රායෙල්වරුන් කෙරෙහි රජවී අවුරුදු දහසයක් රජකම්කෙළේය.

යෙහෝවාෂ්ද තමාගේ පියවරුන් සමඟ සැතපී සමාරියෙහි ඉශ්‍රායෙල් රජුන් ළඟ තැන්පත් කරනු ලැබුවේය; ඔහුගේ පුත්‍රවූ යෙරොබොවම් ඔහු වෙනුවට රජ වුණේය.

අමශියාගේ අනික් ක්‍රියා යූදා රජුන්ගේ ලේකම් පොතේ ලියා තිබෙනවා නොවේද?

යූදාහි රජවූ යෝවාෂ්ගේ පුත්‍රවූ අමශි-යාගේ පසළොස්වෙනි අවුරුද්දේදී ඉශ්‍රායෙල් රජවූ යෝවාෂ්ගේ පුත්‍රවූ යෙරොබොවම් සමාරියෙහි රජ වී සතළිස් එක් අවුරුද්දක් රජකම්කෙළේය.

ඉශ්‍රායෙල් රජවූ යෙරොබොවම්ගේ විසිහත්වෙනි අවුරුද්දේදී යූදාහි රජවූ අමශියාගේ පුත්‍රවූ අශරියා රජවුණේය.




අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්