Biblia Todo Logo
හුවමාරු යොමු
- දැන්වීම් -



2 රාජාවලිය 12:8

Sinhala Revised Old Version

පූජකයෝ සෙනඟගෙන් තවත් මුදල් නොගන්ටත් ගෘහයේ කැඩුම් හරි නොගස්සන්ටත් එකඟවූවෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

4 හුවමාරු යොමු  

එවිට යෙහෝවාෂ් රජ පූජකවූ යෙහෝයාදාටත් අනික් පූජකයන්ටත් හඬගසා: නුඹලා ගෘහයේ කැඩුම් හරිනොගස්සන්නේ මක්නිසාද? ඉතින් නුඹලා අඳුනන්නන්ගෙන් තවත් මුදල් නොගෙන ඒවා කැඩුම් හරිගස්සන්ට භාරදෙන්නැයි කීවේය.

එහෙත් පූජකවූ යෙහෝයාදා පෙට්ටියක් ගෙන පියනේ සිදුරක් කොට ස්වාමීන්වහන්සේගේ ගෘහයට එන මාර්ගයේ දකුණු පැත්තේ පූජාසනය ළඟ තැබුවේය. තවද ස්වාමීන්වහන්සේගේ ගෘහයට ගෙනා මුදල් සියල්ලම දොරටුපාලයෝවූ පූජකයෝ එහි දැමුවෝය.

නුඹ නායක පූජකයාවූ හිල්කියා වෙතට ගොස් ස්වාමීන්වහන්සේගේ ගෘහයට ගෙනෙනලද මුදල් වන දොරටු පාලයන් සෙනඟගෙන් එකතුකරගත් ඒවා භාරදෙන ලෙස ඔහුට දන්වන්න.

තවද පෙට්ටියක් සාදා ස්වාමීන්වහන්සේගේ ගෘහයේ දොරකඩ පිටතින් තබන ලෙස රජ අණකෙළේය.




අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්