Biblia Todo Logo
හුවමාරු යොමු
- දැන්වීම් -



2 රාජාවලිය 12:20

Sinhala Revised Old Version

ඔහුගේ සේවකයෝ නැගිට කුමන්ත්‍රණයකොට, සිල්ලාට යන මාර්ගයෙහි තිබෙන මිල්ලෝහි ගෙයිදී යෝවාෂ් මැරුවෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

11 හුවමාරු යොමු  

දාවිත් බලකොටුවෙහි වාසයකෙළේය, ඊට දාවිත්ගේ නුවරයයි නම් කෙළේය. දාවිත් මිල්ලෝ පටන් වටකරින්ද ඇතුළතින්ද ගොඩනැගුවේය.

ඔහු රජුට විරුද්ධව අත එසෙවුවේ මේ කාරණය නිසාය. සාලමොන් මිල්ලෝ ගොඩනගමින්ද තමාගේ පියවූ දාවිත්ගේ නුවර කැඩුම් හරිගස්සමින්ද සිටියේය.

රෙහොබොවම්ගේ අනික් කාරණාද ඔහු කළ සියල්ලද යූදා රජුන්ගේ ලේකම් පොතෙහි ලියා තිබෙනවා නොවේද?

යෝවාෂ්ගේ අනික් ක්‍රියාද ඔහු කළ සියල්ලද යූදාහි රජුන්ගේ ලේකම් පොතේ ලියා තිබෙනවා නොවේද?

තවද රජකම ඔහු අතේ ස්ථිරවූ කෙණෙහිම ඔහු තමාගේ පියරජු මැරුවාවූ තමාගේ සේවකයන් මැරුවේය.

ආමොන්ගේ සේවකයෝ ඔහුට විරුද්ධව කුමන්ත්‍රණයකොට ඔහුගේ ගෙදරදී ඔහු මැරුවෝය.

යෝරාම්ගේ අනික් ක්‍රියාවල්ද ඔහු කළ සියල්ලද යූදා රජුන්ගේ ලේකම් පොතේ ලියා තිබෙනවා නොවේද?

අමශියා ස්වාමීන්වහන්සේ වෙතින් අහක්ව ගිය පසු මනුෂ්‍යයෝ යෙරුසලමෙහි ඔහුට විරුද්ධව කුමන්ත්‍රණයක් කළෝය; ඔහු ලාකීෂ්ට පලාගියේය. නුමුත් ඔව්හු ඔහු පස්සේ ලාකීෂ්ට මිනිසුන් යවා එහිදී ඔහු මරා,

ඔහුගේ සේවකයෝ ඔහුට විරුද්ධව කුමන්ත්‍රණයකොට ඔහුගේම ගෙයිදී ඔහු මැරුවෝය.

ෂෙකෙම්හි සියලු වැසියෝද මිල්ලෝහි සියලු වැසියෝද එක්ව ගොස් ෂෙකෙම්හි තිබුණු කණුව අසල අලෝන වෘක්ෂය ළඟදී අබිමෙලෙක් රජකමට පත්කළෝය.




අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්