නුඹලා එක එකා තම තමාගේ ආයුධ අතින් ගෙන රජු වටකර සිට පංක්ති ඇතුළට එන තැනැත්තා මරන්ට ඕනෑය. රජ යන එන විට නුඹලා ඔහු සමඟ සිටින්නය කියා ඔවුන්ට අණකෙළේය.
එවිට යෙහෝයාදා පූජකයා සේනාවේ ප්‍රධානීන්වූ ශතාධිපතීන්ට කථාකොට: ඈ පංක්ති අතරෙන් පිටතට ගෙනයන්න; ඈ පස්සේ යමෙක් ආවොත් ඔහු කඩුවෙන් මරන්නැයි අණකෙළේය. මක්නිසාද: ස්වාමීන්වහන්සේගේ ගෘහයේදී ඈ මරනු නොලබාවයි පූජකයා කීවේය.
නුඹලාගෙන් කොට්ඨාස දෙකක්වන සබත් දවසේදී පිටත යන සියල්ලෝම රජු ළඟ ස්වාමීන්වහන්සේගේ ගෘහයෙහි මුරකරන්න.
ලෙවීවරුද එක් එක්කෙනා තම තමාගේ ආයුධ අතින් ගෙන රජු වටකර සිටිත්වා; ගෘහයට ඇතුල්වෙන කවුරු නුමුත් මරනු ලබාවා. රජු ඇතුල්වන කල්හිද පිටත යන කල්හිද නුඹලා ඔහු සමඟ සිටින්නැයි කීවේය.
නුමුත් මනුෂ්‍යයෙක් අදහස්කරලාම තම අසල්වාසියා කරා අවුත් ඔහු ප්‍රයෝගයෙන් මැරුවොත් ඔහු මරනු ලබන පිණිස මාගේ පූජාසනය වෙතින් වුවත් ඔහු අහක්කර ගන්න.
මාංසමයවූ සියල්ලන්ගේ ආත්මවල දෙවිවූ ස්වාමීන්වහන්සේ තමන්වහන්සේගේ සභාව එඬේරෙක් නැති බැටළුවන්මෙන් නොවන පිණිස,
ඔවුන්ට පෙරටුව පිටතට යන්ටත් ඔවුන්ට පෙරටුව ඇතුළට එන්ටත් ඔවුන් පිටතට ගෙනයන්ටත් ඇතුළට ගෙන එන්ටත් සභාව කෙරෙහි මනුෂ්‍යයෙකු පත්කරනසේක්වයි කීවේය.