එවිට පණිවිඩකාරයෙක් ඇවිත්: රජුගේ පුත්‍රයන්ගේ හිස් ගෙනැවිත් තිබේයයි ඔහුට දැන්නුවේය. හෙට වෙන තුරු ඒවා ගොඩවල් දෙකක් කොට දොරටුව ළඟ තබන්නැයි ඔහු කීවේය.
නාබොත් ගල්ගසනු ලැබ මළේයයි යෙසෙබෙල්ට කියා යැවුවෝය.
තවද ඒ ලියුම ඔවුන්ට ලැබුණු කල ඔව්හු රජුගේ පුත්‍රයන් අල්වා, හැත්තෑ දෙනෙක් වූ ඔවුන් මරා, ඔවුන්ගේ හිස් පැස්වල දමා, ඔහු වෙතට යෙස්‍රෙයෙල්ට යැවුවෝය.
පසුවදා උදෑසන ඔහු පිටතට ගොස් සිටගන මුළු සෙනඟට කථාකොට: නුඹලා ධර්මිෂ්ඨයෝය. මම මාගේ ස්වාමියාට විරුද්ධව කුමන්ත්‍රණය කොට ඔහු මැරීමි; නුමුත් මොවුන් සියල්ලන් මැරුවේ කවුද?
තැටියක ලා ගෙනවුත් යෞවනියට දුන්නේය; යෞවනීද ඒක ඇගේ මවුට දුන්නාය.
නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ උරුමයක් කොට නුඹට දෙන දේශය නුඹ විසින් අපවිත්‍රකරනු නොලබන පිණිස ඔහුගේ මළකඳ රාත්‍රියෙහි ගසේ තිබෙන්ට නෑර, එය එම මුළු දවසේදීම තැන්පත්කරන්න; මක්නිසාද එල්ලනු ලබන තැනැත්තේ දෙවියන්වහන්සේගෙන් ශාප ලද්දෙක්ය.