මෙසේ යේහු ඉශ්‍රායෙල්වරුන් අතරෙන් බාල් නැතිකර දැමුවේය.
බාල්ගේ රූපස්තම්භ බිඳ දමා, බාල්ගේ ගෘහයත් බිඳ දමා, අද දක්වා තිබෙන හැටියට එය වැසිකිළියක් කළෝය.
එසේවී නුමුත් බෙතෙල්හිද දාන්හිද තිබුණ රන් වස්සන් කරණකොටගෙන ඉශ්‍රායෙල්වරුන්ට පව්කරන්ට සැලැස්සුවාවූ නෙබාත්ගේ පුත්‍රවූ යෙරොබොවම්ගේ පාපවලින් යේහු අහක්නොවීය.
ඈ ඇගේ මුදුද ආභරණද පැළඳගෙන, ඇගේ ප්‍රේමවන්තයන් පස්සේ ගොස්, මා සිහිනැතිකොට, ඈ විසින් සුවඳදුම් ඔප්පුකරන්ට යෙදුණාවූ බාල් දේවතාවුන්ගේ දවස් නිසා ඈට දඬුවම් කරන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක.