Biblia Todo Logo
හුවමාරු යොමු
- දැන්වීම් -



2 රාජාවලිය 10:19

Sinhala Revised Old Version

එබැවින් බාල්ගේ සියලු ප්‍රොපේතවරුන්ද ඔහු අදහන සියල්ලන්ද සියලු පූජකයන්ද එක්කෙනෙක්වත් නෑර මා වෙතට අඬගහගන එන්න. මක්නිසාද මා විසින් බාල්ට මහත් පූජාවක් ඔප්පුකරන්ට තිබේ; නේන සියල්ලෝම මරණයට පත්වන්නෝයයි කීවේය. නුමුත් යේහු බාල් අදහන්නන් නැතිකරන පිණිස ප්‍රයෝගයෙන් ඒක කෙළේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

11 හුවමාරු යොමු  

ඉතින් දැන් පණිවුඩ යවා සියළු ඉශ්‍රායෙල්වරුන්ද බාල්ගේ ප්‍රොපේතවරුන් හාරසිය පනසද යෙසෙබෙල්ගේ මේසයේ කන අෂේරිය ප්‍රොපේතවරුන් හාරසියදෙනාද මා ළඟට කර්මෙල් කන්දට රැස්කරවන්නැයි කීවේය.

එවිට ඉශ්‍රායෙල් රජ ප්‍රොපේතවරුන් වන හාරසියයක් පමණ මනුෂ්‍යයන් රැස්කොට: මම රාමොත්-ගිලියද්ට විරුද්ධව යුද්ධයට යම්ද නොයම්දැයි ඔවුන්ගෙන් ඇසුවේය. ඔව්හු: ගිය මැනවි; මක්නිසාද ස්වාමීන්වහන්සේ ඒක රජු අතට පාවාදෙනසේකැයි කීවෝය.

තවද යේහු මුළු සෙනඟ රැස්කර ඔවුන්ට කථාකොට: ආහබ් බාල්ට ස්වල්ප වශයෙන් සේවයකෙළේය. නුමුත් යේහු ඔහුට බොහෝසෙයින් සේවය කරන්නේය.

එලිෂා ඉශ්‍රායෙල් රජුට කථාකොට: මාගෙන් නුඹට කම මොකද? නුඹේ පියාගේ ප්‍රොපේතවරුන් ළඟටත් නුඹේ මවුගේ ප්‍රොපේතවරුන් ළඟටත් ගිය මැනවැයි කීවේය. ඉශ්‍රායෙල් රජද: එසේ නොවේවා. මක්නිසාද ස්වාමීන්වහන්සේ මෝවබ්වරුන් අතට පාවාදෙන පිණිස මේ රජුන් තුන්දෙනා ගෙන්වූසේකැයි ඔහුට කීවේය.

නුඹලා දෙවියන්වහන්සේ උදෙසා අසාධාරණ ලෙස කථාකරනවාද? උන්වහන්සේ උදෙසා වංචාකාර ලෙස කථාකරනවාද?

තමාගේ අසල්වාසියාට ඉච්චාකරන්නා ඔහුගේ පාදවලට දැලක් එළයි.

නුමුත් සර්පයා තමාගේ ප්‍රයෝගයෙන් ඒව රැවටුවාක්මෙන් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි පවතින අවංකකමෙන්ද පිරිසිදුකමෙන්ද යම්විධියකින් නුඹලා වෙන්කොට නුඹලාගේ සිත් දූෂ්‍යකරනු ලැබේදෝ කියා භයවෙමි.

ලජ්ජාවේ රහස් දේවල් එපා කළෙමුව. ප්‍රයෝගයෙන් නොහැසිර, දෙවියන්වහන්සේගේ වචනය ගැන වංචා නොකර, සැබෑව ප්‍රකාශකිරීමෙන්ම දෙවියන්වහන්සේ ඉදිරියෙහි සියලු මනුෂ්‍යයන්ගේ හෘදයසාක්ෂියට එකඟවෙන ලෙස අපේ ගුණ දැක්වීමුව.

මක්නිසාද අපේ අනුශාසනාව මුළාවෙන්වත් අපවිත්‍රකමින්වත් වංචාවෙන් යුක්තවවත් නොවේය.




අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්