මා ළඟට නොපමාව එන්ට වෑයම් කරන්න.
ඉඳින් නුඹේ එදිරිකාරයා සමඟ නඩුකාරයා ඉදිරියට යන විට පාරේදීම ඔහුගෙන් බේරෙන්ට උත්සාහකරන්න; නැත්නම් සමහරවිට ඔහු විනිශ්චයකාරයා ළඟට නුඹ ඇදගන යන්නේය, විනිශ්චයකාරයාද නුඹ සේවයකයාට භාරදෙන්නේය; සේවකයා නුඹ හිරගෙයි දමන්නේය,
එසේය, නුඹේ කඳුළු සිහිකර, නුඹ තුළ තිබෙන අවංක ඇදහිල්ල සිහියට ගෙන, මම ප්‍රීතියෙන් පූර්ණවන පිණිස නුඹ දකින්ට ආශාවෙමි.
ශීත කාලයට පළමුවෙන් එන්ට වෑයම්කරන්න. යුබුලස්ද පුදෙන්ස්ද ලීනස්ද ක්ලෞදියාද සියලු සහෝදරයෝද නුඹට ආචාරකරති.
මම නිකපොලිසෙහි ශීත කාලයේ සිටින්ට නියමකරගත් බැවින් අර්තිමස් හෝ තුඛීකස් හෝ නුඹ ළඟට එවුවාම එහි මා ළඟට එන්ට උත්සාහකරන්න.