ශීත කාලයට පළමුවෙන් එන්ට වෑයම්කරන්න. යුබුලස්ද පුදෙන්ස්ද ලීනස්ද ක්ලෞදියාද සියලු සහෝදරයෝද නුඹට ආචාරකරති.
ඉඳින් නුඹේ එදිරිකාරයා සමඟ නඩුකාරයා ඉදිරියට යන විට පාරේදීම ඔහුගෙන් බේරෙන්ට උත්සාහකරන්න; නැත්නම් සමහරවිට ඔහු විනිශ්චයකාරයා ළඟට නුඹ ඇදගන යන්නේය, විනිශ්චයකාරයාද නුඹ සේවයකයාට භාරදෙන්නේය; සේවකයා නුඹ හිරගෙයි දමන්නේය,
සියලු සහෝදරයෝ නුඹලාට ආචාරකරති. ශුද්ධවූ සිඹීමකින් එකිනෙකාට ආචාරකරන්න.
සියලු ශුද්ධවන්තයෝ නුඹලාට ආචාර කරති.
සියලු ශුද්ධවන්තයෝද ප්‍රධානකොට කායිසර්ගේ ගෙදර සිටින ශුද්ධවන්තයෝද නුඹලාට ආචාරකරති.
එසේය, නුඹේ කඳුළු සිහිකර, නුඹ තුළ තිබෙන අවංක ඇදහිල්ල සිහියට ගෙන, මම ප්‍රීතියෙන් පූර්ණවන පිණිස නුඹ දකින්ට ආශාවෙමි.
ත්‍රෝවසෙහි කාර්පස් ළඟ මා තබා ආ සළුවද පොත්ද, ප්‍රධානකොට සම්පොත්ද, නුඹ එන විට ගෙනෙන්න.
මා ළඟට නොපමාව එන්ට වෑයම් කරන්න.
මම නිකපොලිසෙහි ශීත කාලයේ සිටින්ට නියමකරගත් බැවින් අර්තිමස් හෝ තුඛීකස් හෝ නුඹ ළඟට එවුවාම එහි මා ළඟට එන්ට උත්සාහකරන්න.
නුඹේ තෝරාගත් සහෝදරීගේ දරුවෝ නුඹට ආචාරකරති.
නුමුත් ඉක්මනින් නුඹ දකින්ට බලාපොරොත්තුවෙමි, එවිට අපි මුහුණට මුහුණලා කථාකරන්නෙමුව. නුඹට සමාදානය වේවා. අපේ මිත්‍රයෝ නුඹට ආචාරකරති. නම් වශයෙන් මිත්‍රයන්ට ආචාරකරන්න.