ඒ ශුභාරංචියට මම දේශනාකාරයෙක්ද ප්‍රේරිතයෙක්ද ගුරුවරයෙක්ද කොට පත්කරනු ලැබීමි.
නුමුත් ස්වාමීන්වහන්සේ ඔහුට කථාකොට: යන්න, මක්නිසාද ඔහු මාගේ නාමය අන්‍යජාතීන්ද රජුන්ද ඉශ්‍රායෙල් පුත්‍රයන්ද ඉදිරියට ගෙනයන්ට මා විසින් තෝරාගන්නාලද භාජනයක්ය.
මම නිදහස් කෙනෙක් නොවෙම්ද? මම ප්‍රේරිතයෙක් නොවෙම්ද? මම අපගේ ස්වාමිවූ යේසුස්වහන්සේ නුදුටිම්ද? ස්වාමීන්වහන්සේ තුළ නුඹලා මාගේ කර්මාන්තය නොවවුද?
තමුන් කියන්නේ කිමෙක්ද කියාවත් නිසැකකොට සහතිකකරන්නේ කුමන දේ ගැනද කියාවත් තේරුම් නොගෙන සිටින නුමුත්, ඔව්හු ව්‍යවස්ථාවේ ගුරුවරු වෙන්ට කැමැත්තෝය.
ඒ පිණිස මම දේශනාකාරයෙක්ද ප්‍රේරිතයෙක්ද ඇදහිල්ල සහ සත්‍යය ගැන අන්‍යජාතීන්ගේ ගුරුවරයෙක්ද කොට පත්කරනු ලැබීමි. ඒ ගැන මම බොරුවක් නොකියා සැබෑව කියමි.