මා එසේ කියන්නේ නුඹලාට වරද තබන පිණිස නොවේ. මක්නිසාද නුඹලා එක්ව මැරෙන්ටත් එක්ව ජීවත්වෙන්ටත් නුඹලා අපේ සිත්වල දරමුයයි පළමුවෙන්ම කීවෙමි.
ඒ මක්නිසාද? මා නුඹලාට ප්‍රේම නොකරන නිසාද? දෙවියන්වහන්සේ දන්නාසේක.
මම ඉතා සන්තෝෂයෙන් නුඹලාගේ ආත්ම ගැන මට ඇති දේ වියදම්කරන්නෙමි, මම්ම වැයවන්නෙමි. මම වැඩියෙන් නුඹලාට ප්‍රේමකරන තරමට අඩුවෙන් ප්‍රේමකරනු ලබම්ද?
මේ නිසා, බිඳ හෙළීමට නොව ගොඩනැගීම පිණිස ස්වාමීන්වහන්සේ මට දුන් බලය ලෙස මා නුඹලා ළඟ සිටින විට සැරකම පාවිච්චි නොකරන පිණිස, ඈත්ව සිටින විට මේ දේවල් ලියා එවමි.
අපගේ පත්‍රය නම් නුඹලාය; එය අපේ සිත්වල ලියා තිබේ, සියලු මනුෂ්‍යයෝද එය දැනගන කියවති.
ඉතින් මා නුඹලාට ලියා එවූ නුමුත් එසේ ලියුවේ අයුතුකම කළ අය නිසාවත් අයුතුකම වින්ද අය නිසාවත් නොව, අප ගැන නුඹලාගේ ඇති මහත් සැලකිල්ල දෙවියන්වහන්සේ ඉදිරියෙහි නුඹලාටම ප්‍රකාශවන පිණිසය.
නුඹලා සියල්ලන් ගැන මෙසේ කල්පනාකරන්ට මට යුතුය, මක්නිසාද මාගේ බැඳුම්වලදීද ශුභාරංචිය ගැන උත්තරදීමේදීද ඒක ස්ථිර කිරීමේදීද නුඹලා සියල්ලන් මා සමඟ අනුග්‍රහයට පංගුකාරයන්ව සිටින බැවින් නුඹලා මාගේ සිතේ දරමි.
එලෙස අපි නුඹලාට ප්‍රේමාන්විත ඇලුම්කමකින් යුක්තව සිටිය බැවින්, දෙවියන්වහන්සේගේ ශුභාරංචිය පමණක් නොව නුඹලා අපට ඉතා ප්‍රියවූ නිසා අපේම ප්‍රාණත් නුඹලාට දෙන්ට සතුටුව සිටියෙමුව.