සියලු ශුද්ධවන්තයෝ නුඹලාට ආචාර කරති.
නුඹලාගේ සහෝදරයන්ට පමණක් ආචාරකරනවානම් නුඹලා අනුන්ට වඩා කුමක් කරන්නහුද? අන්‍ය ජාතීහු පවා එසේ නොකරද්ද?
ශුද්ධවූ සිඹීමකින් එකිනෙකාට ආචාරකරන්න. ක්‍රිස්තුස්වහන්සේගේ සියලු සභාවෝ නුඹලාට ආචාරකරති.
නුඹලාගේ සියලු ප්‍රධානීන්ටත් සියලු ශුද්ධවන්තයන්ටත් ආචාරකරන්න. ඉතාලියේ අය නුඹලාට ආචාරකරති.
නුඹලා සමඟ තෝරාගනු ලැබූ බබිලෝනියෙහි සිටින තැනැත්තී නුඹලාට ආචාරකරන්නීය; මාගේ පුත්‍රවූ මාර්ක් එසේම නුඹලාට ආචාරකරයි.
නුඹේ තෝරාගත් සහෝදරීගේ දරුවෝ නුඹට ආචාරකරති.
නුමුත් ඉක්මනින් නුඹ දකින්ට බලාපොරොත්තුවෙමි, එවිට අපි මුහුණට මුහුණලා කථාකරන්නෙමුව. නුඹට සමාදානය වේවා. අපේ මිත්‍රයෝ නුඹට ආචාරකරති. නම් වශයෙන් මිත්‍රයන්ට ආචාරකරන්න.