[එසේ කියන්නේ] මම මාගේ ලියුම්වලින් නුඹලා භයගන්වන්නාක් මෙන් නොපෙනෙන පිණිසය.
එහෙයින් ස්වාමීන්වහන්සේ එන තුරු කාලයට පළමුවෙන් කිසිවක් විනිශ්චය නොකරන්න. උන්වහන්සේ අන්ධකාරයේ සැඟවුණු දේ එළිදරව්කොට, සිත්වල අදහස් ප්‍රකාශකරනසේක; එවිට එකිනෙකාට තම තමාගේ ප්‍රශංසාව දෙවියන්වහන්සේගෙන් ලැබෙන්නේය.
මක්නිසාද: ඔහුගේ ලියුම් නම් බරපතළය, බලවත්ය; නුමුත් ළඟ සිටින විට ශරීරාකාරය දුර්වලය, කථාවද සුළුයයි ඔව්හු කියති.
මක්නිසාද (නුඹලා බිඳහෙළීම පිණිස නොව ගොඩනැගීම පිණිස ස්වාමීන්වහන්සේ අපට දුන්) බලය ගැන මම ටිකක් වැඩිවශයෙන් පාරට්ටුකරතත් ලජ්ජා නොවන්නෙමි.