නුමුත් අපි ප්‍රමාණයට වඩා නොව, නුඹලා ළඟට පවා පැමිණෙන පිණිස, දෙවියන්වහන්සේ විසින් අපට මැනදුන් මායිමේ ප්‍රමාණයේ හැටියට පාරට්ටුකරගන්නෙමුව.
ඒවායේ මායිම පොළොව මුළුල්ලේද ඒවායේ වචන ලෝකයේ කෙළවර දක්වාද පැතිරගියේය. එහි උන්වහන්සේ සූර්යයාට මණ්ඩපයක් පිහිටෙවුසේක.
යමක් දෙන්නෙමියි කියා බොරුවට වර්ණනාකරන්නා වර්ෂා නැති වලාකුල්ද හුළඟද මෙනි.
මම විනිශ්චය ලනුවද ධර්මිෂ්ඨකම ලඹයද කොට පාවිච්චිකරන්නෙමි. බොරුවේ රක්ෂාස්ථානය ගල් වර්ෂාවට පහවන්නේය, සැඟවෙන ඉඩමද වතුරට යටවන්නේය.
ඔහු එක්කෙනෙකුට තලෙන්ත පහක්ද එක්කෙනෙකුට දෙකක්ද එක්කෙනෙකුට එකක්ද බැගින් එකිනෙකාගේ පුළුවන්කමේ හැටියට දී තමාගේ ගමන ගියේය.
නුමුත් ඔව්හු නොඇසුවෝදැයි මම අසමි. එසේය, සැබවින්, ඔවුන්ගේ ශබ්දය පොළොව මුළුල්ලේද ඔවුන්ගේ වචන ලෝකයේ සීමා දක්වාද ගියේය.
නුඹලා එකිනෙකා සුදුසු තරමට වඩා තම තමා ගැන උතුම්කොට නොසිතා, දෙවියන්වහන්සේ එකිනෙකාට බෙදාදුන් ඇදහිල්ලේ ප්‍රමාණය ලෙස පමණදැන සිතන හැටියට, මට දෙනලද අනුග්‍රහයෙන් නුඹලා අතරෙහි එකිනෙකාට කියමි.
එහෙයින් අපට දෙනලද අනුග්‍රහය ලෙස වෙන වෙන දීමනා ඇත්තාවූ අපට ලැබුණේ අනාගතකීම නම්, අපේ ඇදහිල්ලේ ප්‍රමාණයට අනාගත වචන කියමු.
එසේය, වෙන කෙනෙකුගේ අත්තිවාරම පිට ගොඩ නොනගන පිණිස ක්‍රිස්තුස්වහන්සේගේ නාමය සඳහන්කරනු ලැබූ තැන්වල නොව:
නුමුත් ඒ එකමවූ ආත්මයාණන්වහන්සේ තමන් කැමතිලෙස එකිනෙකාට වෙන වෙනම බෙදාදෙමින්, මේ සියල්ල කරවනසේක.
නුමුත් අපෙන් එක් එක්කෙනාට ක්‍රිස්තුස්වහන්සේගේ දීමනාවේ ප්‍රමාණයේ හැටියට අනුග්‍රහය දෙනලද්දේය.
දෙවියන්වහන්සේගේ අනේකාකාර කරුණාවේ යහපත් ගබඩාකාරයන් මෙන් එකිනෙකාට ලැබුණු දීමනාවේ හැටියට එයින් එකිනෙකාට සේවයකරන්න.