සාලමොන්ට ගමන්කාර වෙළෙන්දන්ගෙන්ද වෙනත් වෙළඳුන්ගෙන්ද ලැබුණ රන් හැර අවුරුද්දකට ලැබුණු රන්වල බර තලෙන්ත හසිය හැටහයක්ය.
හූරාම් තමාගේ සේවකයන් අත නැව්ද මුහුදේ කාරණා දන්නාවූ සේවකයන්ද ඔහු වෙතට එවුවේය; ඔව්හු සාලමොන්ගේ සේවකයන් සමඟ ඕපීර්ට ගොස් එතැනින් රන් තලෙන්ත හාරසිය පනහක් සාලමොන් රජු වෙතට ගෙනාවෝය.
ෂෙබාහි බිසව සාලමොන් රජුට ගෙනාවාවූ දේවල් වෙනුවට දුන් ඒවා හැර ඇගේ මුළු කැමැත්තලෙස ඈ ඉල්ලූ සියල්ලත් රජ තෙමේ ඈට දුන්නේය. මෙසේ ඈත් ඇගේ සේවකයොත් තමුන්ගේ දේශයට හැරී ගියෝය.
යෙරුසලමෙහි ඔබගේ මාලිගාව නිසා රජවරු ඔබ වෙතට පඬුරු ගෙනෙන්නෝය.
තර්ෂිෂ් රටේද ද්වීපවලද රජවරු තෑගි ගෙනෙන්නෝය. ෂෙබායේද සෙබායේද රජවරු පඬුරු පුදන්නෝය.
ඔව්හු ජීවත්වන්නෝය; ෂෙබායේ රන් උන්වහන්සේට දෙනු ලබන්නේය. මනුෂ්‍යයෝ නොකඩව උන්වහන්සේ උදෙසා යාච්ඤාකරන්නෝය; දවස මුළුල්ලේම උන්වහන්සේට ප්‍රශංසාකරන්නෝය.