Biblia Todo Logo
හුවමාරු යොමු
- දැන්වීම් -



2 ලේකම් 8:15

Sinhala Revised Old Version

කොයි කාරණයක් ගැනවත් අගනා වස්තු ගැනවත් පූජකයන්ට සහ ලෙවීවරුන්ට රජු දුන් ආඥාවෙන් ඔව්හු ඉවත් නොවූහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

7 හුවමාරු යොමු  

මෙලෙස සාලමොන් රජ ස්වාමීන්වහන්සේගේ ගෘහය උදෙසා කෙරෙවු සියලු වැඩ නිමවිය. සාලමොන් තමාගේ පියවූ දාවිත් විසින් කැපකළදේ එනම් රිදීද රන්ද බඩුද ඇතුළට ගෙනවුත් ස්වාමීන්වහන්සේගේ ගෘහයේ ගබඩාවල තැබුවේය.

ඔවුන්ගෙන් සමහරෙක් බඩුබාහිරාදියද ශුද්ධස්ථානයේ සියලු භාජනද සිහින් පිටිද මුද්‍රික පානයද තෙල්ද තුවරලාද සුවඳ ද්‍රව්‍යද බලාගන්ට පත්කරන ලද්දෝය.

ස්වාමීන්වහන්සේගේ වචනයේ හැටියට රජුගේ සහ අධිපතීන්ගේ ආඥාව පවත්වන පිණිස යූදාවරුන් එක්සිත්කරවන ලෙස දෙවියන්වහන්සේගේ හස්තය ඔවුන් පිටද වූයේය.

තවද ඔහු තමාගේ පියවූ දාවිත්ගේ නියෝගය ලෙස පූජක පංක්ති ඔවුන්ගේ සේවයටද ලෙවීවරුන් එක එක දවසට සුදුසු ලෙස පූජකයන් ඉදිරියෙහි සේවයකිරීමත් ප්‍රශංසාකිරීමත් යන ඔවුන්ට භාරවූ වැඩටද දොරටුපාලයන් ඔවුන්ගේ පංක්තිවල හැටියට එක එක දොරටුවටද නියමකෙළේය. මක්නිසාද දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයාවූ දාවිත් මෙසේ අණකර තිබුණේය.

ස්වාමීන්වහන්සේගේ ගෘහයේ අත්තිවාරම ලූ දවස දක්වාත් ඒක නිමවන තුරුත් සාලමොන්ගේ සියලු වැඩ සූදානම්ව තිබුණේය. මෙසේ ස්වාමීන්වහන්සේගේ ගෘහය සම්පූර්ණවිය.




අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්